මේ අතර, කළුතර සහ පානදුර ප්‍රදේශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ වී. ඉන්ද්‍රන් මහතා පොලිස් මූලස්ථානයේ සුබසාධන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා ඇත.
නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාට භාරව තිබුණු ගල්කිස්ස සහ නුගේගොඩ දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ජී.ඞී.එ්.කේ සේනාරත්න මහතා පත්කර තිබේ.
ඔහු එම තනතුරට අමතරව දැනට දරණ රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ තවදුරටත් කටයුතු කරන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.