මේ දැරියගේ හැඬුම තේරුම් ගන්න ...

Published in පුවත්
Sunday, 03 August 2014 16:02

මේ කතාව කොහොම කොතනින් පටන් ගන්නද ඉවර කරන්නද කියලා ඇත්ත‍ටම හිතා ගන්න බෑ…මොකද මේ දර්ශනය බැලුවාම ලොකු කුඩා කාගේ වුණත් හදවතට දැනෙන හැඟීම් අතිශය හැඟුම්බර වන නිසාමය.

මනුෂ්‍ය ජීවි‍තයේ සෑම දෙනාටම පොදු ධර්මතාවය නම් ඉපදීම හා මරණයයි.

මේ වචන දෙක අතර පරතරය එනම් ජීවත් වන කාලය විසින් මනුෂ්‍ය වර්ගයාට මෙන්ම සතුන්ට ද ලබාදෙන පොදු අනෙකුත් ධර්මතාවය නම් දුක හා සැපයි.

ඉපදීමත් මරණයත් අතර කාල පරාසයේ සුන්දරම අවධිය හෙවත් ළමා අවධිය අප කාටවත් අමතක කරන්න පුළුවන්ද?

ඇත්තම කතාව නම් බැහැ කියන එකයි.

කොහොම වුණත් මේ වීඩියෝවේ සිටින දැරිය සිය මල්ලිගේ හුරතල් මුහුණේ ලස්සන දැක ඒ මුහුණ හැමදාමත් ඒ විදියටම තියෙන්න ඕනී කියා අඬන්නේ මල්ලීත් කවදා හරි දවසක ලොකු මිනිහෙක් වී මැරිලා යන බවත්, එහෙම වෙද්දී මල්ලිගේ මේ තියෙන ලස්සන එදාට දකින්න නැතිවෙන බවත්, දැන ගෙනය.

ඇත්තටම මේ සහෝදරියගේ ඇඬුම හරිම හැඟුම්බරයි. මේ හැඬුම ඇත්තටම ව්‍යාජ එකක් කියලා කාට හරි තර්ක කරන්න පුළුවන් වෙයි. ඒ තර්ක විතරක් කොහොම වුණත් මේ දැරියගේ හැඬුම අසාධාරණ හැඬීමක් නොවන බව නම් මෙය බලන කාගේ වුවත් මනසට මෙන්ම හදවතටත් දැනෙනු නොඅනුමානයි.

අන්තර්ජාලයෙන් හමුවූ මේ වීඩියෝව දැන් බලලාම මේ කියන කතාව සාධාරණීකරණය කරන්න මෙන්න ඔබට අවස්ථාව…

ඇත්තටම දැන් ඔබට මේ ගැන කියන්න ඇත්තේ කුමක්ද? මනුෂ්‍ය ජීවිතයේ යතාර්ථය තේරුම් ගත් කුඩා දැරියක් ලෙස අපට ඇය දැකිය නොහැකිද?

(අද දෙරණ)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us