මාලතී සෝමබන්ධු අභාවප්‍රාප්ත වේ.

Published in පුවත්
Sunday, 03 August 2014 08:33

බෙල්ලන්විල සිත්තරා නමින් ප්‍රකට වූ සෝමබන්ධු විද්‍යාපති නර්තන ශිල්පියාගේ ප්‍රියම්භිකාව වන මාලතී සෝමබන්ධු නර්ථන ශිල්පිණිය ඊයේ අභාවප්‍රාප්ත විය.

වර්තමාන නර්තන ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන රවි බන්ධු විද්‍යාපති සහ නර්තන ශශිල්පියකු සහ ලේඛකයකු වන මනුබන්ධු විද්‍යාපති ඇගේ පුතනුවන් දෙපළ ය.

193 ජනවාරි 04 වන දින අපත ලද ඇය මෙරට පාරම්පරික නර්තන ශිල්පියකු වූ උඩරට අල්ගම කිරිගණිත ගුරුන්නාන්සේගේ දියණියකි.  ඇය පනීභාරත නර්තන හිල්පියාගෙන් ද නර්තනය හැදෑරූ අතර 1952 ඇරඹි හේවුඩ් කලායාතනයේ පළමු ශිෂ්‍ය කණ්ඩායමට ඇතුළත් වූ ශිල්පිණියකි. ඇගේ සමකාලීන ශිල්පිණියන් අතර අමරදේව මහත්මිය සහ චිත්‍රා අල්ගම මහත්මිය ද වූහ.

මීගමුව නිව්ස්ටඩ් විද්‍යාලයේ සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ නර්තන ගුරුවරියක ලෙස කටයුතු කළ ඇය මුද්‍රානාට්‍යය කිහිපයක් ද නිර්මාණය කළා ය. සකුන්තිකා (1965), සමනොල (1974), සකුණිකා (1975) එම නිර්මාණ වේ.

සංස්කෘතක අමාත්‍යාංශය ඇය අගයනු වස් නෘත්‍යභිමානී සම්මානයෙන් පුදනු ලැබූ අතර අගමති ධුරය හෙබවූ රත්නසිරි වික්‍රමනායක විසින් ඇයට නෘත්‍ය මාතා නම්න් සම්මානයක් ප්‍රදානය කළේ ය.

ඇය කළ  සුවිශේෂ මෙහෙවරක් වන්නේ සිය වල්භයාගේ වඩාත් සිත්ගත් නිර්මාණකරණය වූ නර්තන ඇඳුම් නිර්මාණය දිගින් දිගට ම පවත්වාගෙන යන්නට කටයුතු කිරීම ය.

මේ වන විට දේහය ගල්කිස්ස කලාපුරයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර ලබන සඳු දින සවස 05.00 ට ගල්කිස්ස සුසාන භූමියේ දි අවසන් කටයුතු සිදුකීරිමට කටයුතු සූදානම් කොට ඇත.

(ජයසිරි අලවත්ත)

Last modified on Sunday, 03 August 2014 18:59

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us