විදුලිබල ක්‍ෂේත්‍රයේ රහස් ගනුදෙනු 05දා හෙළිවේ

Published in පුවත්
Sunday, 03 August 2014 08:58

ආණ්ඩුවේ දේශපාලනඥයන් සහ රජයේ ඉහළ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් පසුගිය කාලය තුළ සිදු වූ රහස් ගනුදෙනු සහ අක්‍රමිකතා රැසක් පිළිබඳ සුවිශේෂී හෙළිදරව්වක් පාඨලී චම්පික රණවක ඇමැතිවරයා ලබන 5 වැනිදා සිදුකිරීමට නියමිතය.

ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයකු ලෙස කටයුතු කරන අතරවාරයේම මෙලෙස ආණ්ඩුවේ සහ රජයේ ප්‍රබලයන්ගේ අක්‍රමිකතා හෙළිදරව් කිරීම විශේෂත්වයකි.

විදුලිබල ක්‍ෂේත්‍රයේ සහ ඛනිජ තෙල් ක්‍ෂේත්‍රයේ අර්බුද ඇති කර එම ක්‍ෂේත්‍රවල ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමට දායක වූ දේශපාලනඥයන් සහ රජයේ ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු සහ සාක්ෂි සහිත හෙළිදරව් කිරීම් රැසක් පාඨලී චම්පික ඇමැතිවරයා රචනා කර ඇති බලය සහ බලය කෘතියේ ඇතුළත් වෙයි.

තමන් විදුලි බල ඇමැති ධුරය දරන කාලයේදී විදුලිබල මණ්ඩල ලාභ ලැබීම වැළැක්වීමට දේශපාලනඥයන්ගේ සහයෝගය යටතේ මණ්ඩලයේ ඉහළ නිලධාරීන් කටයුතු කළ ආකාරය ලංවිම අභ්‍යන්තර විගණක පරීක්ෂණ නැවැත්වීමට සහ එම පරීක්ෂණවලට තොරතුරු ලබාදීම වැළැක්වීමට කටයුතු කළ නිලධාරීන් ඇතැම් බලාගාරවල නිල වාර්තා අතුරුදන් වූ ආකාරය 2012 වසරේදී රුපියල් මිලියන 17,335ක ස්ථාවර ගාස්තු ගෙවීමේදී ලංවිමට නිසි ප්‍රතිපත්තියක් නොවූ බව සහ එම ප්‍රශ්න නිර්මාණය කළ නිලධාරීන් තවමත් විදුලිබල මණ්ඩලයේ කටයුතු කරන ආකාරය 2010 වසරේදී පෞද්ගලික බලාගාරවලින් වැඩි මිලට විදුලිය මිලට ගත් ආකාරයට සම්බන්ධ පුළුල් තොරතුරු මේ කෘතියේ ඇතුළත්ය.

එසේම 2011 වසරේදී යුගදනවි බලාගාරය අක්‍රිය කිරීමට ආණ්ඩුවේම බලධාරීන් කටයුතු කළ ආකාරය ඛනිජ තෙල් මාෆියාවේ කටයුතු පිළිබඳ විමර්ශනය කිරීමට 2011 දී පත්කළ කැබිනට් අනුකමිටුව හදිසියේ විසුරුවා හැරීමේ අබිරහස ඇතුළු කරුණු රැසක්ද මෙහි අන්තර්ගතව ඇති බව හෙළි වෙයි.

මෙම කෘතිය 5 වැනිදා කොළඹ පදනම් ආයතනයේදී එළිදැක්වෙයි.

'' ශාරීරිකව, මානසිකව හා දේශපාලනිකව මා ඝාතනය කිරීම සඳහා අටවන ලද උගුල් ගණනාවකින් ගැලවී යන්නට මට හැකිවිය. සෑම  අභියෝගයකටම මුහුණ දුන්නෙමි. නිසි අවස්ථාවේ වගකීමෙන් නිදහස් වුනෙමි..'' යයි එම කෘතියේ අවධාරණය කර ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us