ළදරු මරණවලින් 50% ක්‌ මන්දපෝෂණ නිසා

Published in පුවත්
Saturday, 02 August 2014 16:50

මෙරට වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මරණවලින් සියයට 50 ත් 60 ත් අතර ප්‍රමාණයක්‌ සිදු වීමට මව්කිරි දීමේ වැරැදි හුරුපුරුදු මත ඇති වන මන්දපෝෂණය බලපා ඇති බව අනාවරණය වී ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය හිරන්‍යා ජයවික්‍රම මහත්මිය පැවැසුවාය.

මව්කිරි දීමේ වැරැදි හුරුපුරුදු මග හරවා ගැනීමෙන් ළදරු මරණ ප්‍රමාණය සියයට 13 කින් අඩු කර ගත හැකි බවද ඇය කීවාය.

දරුවාට මව්කිරි ලබා දීමෙන් මවට මෙන්ම දරුවාටද සෞඛ්‍යමය ප්‍රතිලාභයන් රැසක්‌ අත්වන බවත් පසු ප්‍රසව රක්‌තපාතය, පියයුරු පිළිකා, ඩිම්බකෝෂ පිළිකා, ගර්භාෂ පිළිකා වැනි රෝග වැළඳීම් මෙන්ම මවගෙන් දරුවාට එච්. අයි. වී. ඒඩ්ස්‌ රෝගය වැළඳීමේ අවදානම අඩු කර ගත හැකි බවද ඇය අවධාරණය කළාය.

කෘත්‍රිම කිරි නිෂ්පාදනය හා සම්බන්ධ කෘෂිකර්මාන්තය, ඖෂධ නිෂ්පාදන කර්මාන්තය, ප්ලාස්‌ටික්‌ හා ඇළුමිණියම් කර්මාන්තය ආදිය නිසා වන පරිසර හානියද නිවෙස්‌වල කෘත්‍රිම කිරි පිළියෙල කිරීම සඳහා වැය වන දර හා ඉන්ධන නිසා වන පරිසර හානියද මව්කිරි ලබා දීම සාර්ථක සිදු කිරීමෙන් අඩු කර ගත හැකි බව වෛද්‍යවරිය සඳහන් කළාය.

 

Last modified on Saturday, 02 August 2014 17:06

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us