රජයේ නිළධාරීන්ගේ සංගමයෙන් තේරී පත්වූ විධායක සභාවට පනවා තිබූ වාරණ නියෝගය අහෝසි කිරීමට ගල්කිස්‌ස දිසා විනිසුරු ගිහාන් රණවක මහතා නියෝග කලේය. 
ඉකුත් 26 වැනිදා උතුරු කළුතර මුහුදු වෙරළේදී 14 හැවිරිදි දැරියන් දෙදෙනකු තරුණයන් පස්‌දෙනකු විසින් පැහැරගෙන ගොස්‌ කැලෑවකදී දූෂණය කර පසුව උතුරු කළුතර සංචාරක හෝටලයකට ද රැගෙන ගොස්‌ දූෂණය කර තිබිණි.

ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් වී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ ඌව පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී ඩබ්ලිව්.ඒ. උදය කුමාර අද (06) ස්වාධීන කණ්ඩායමක් මගින් මොනරාගල දිස්ත‍්‍රික්කය සඳහා නාමයෝජනා භාර දී තිබේ. 

තමන්ට අභූත චෝදනා එල්ල කරන ඥාණසාර හිමි ගමේදී සිවුරු හැර කොළඹට පැමිණ තමා  විසින්ම සිවුරු දාගත් ස්වාමීන් වහන්සේ නමක් යයි ධීවර ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තුව ඉහළ නැංවීමත් සමඟ මෙරට පුද්ගලයන් විවාහ වීමේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහළ බසිමින් තිඛෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. 

හොලිවුඩ් නිළියන් විසින් වසර 2013 ජූනි මස සිට වසර 2014 ජූනි මස දක්වා වූ කාලය  තුල  ඉපැයු අදායම අනුව ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ 50 හැවිරිදි නිළි සැන්ඩ්‍රා බුලොක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අතුරුදන් වුවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ කාලය තවත් මාස 06 කින් දීර්ඝ කර තිබේ. 

ශ්‍රී ලන්කන් ගුවන් ටිකට්පත් ගන්න මගින් 'මිහින් ලංකා ' ගුවන් යානාවලින් බැංකොක් ගෙනයාම පිළිබඳව 'ලංකා ඩේලි' වෙබ් අඩවිය පෙරේදා (04) කල හෙළිදරව්වෙන් පසුව, ඊයේ රාත්‍රී සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයක් වෙන් කර ඇත. 

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරන ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අට වන පියවර 2014 සැප්තැම්බර් 06 වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර අද දින අදාළ උළෙලට නිර්දේශිත පළමු වටයේ කෘති දහය ප්‍රසිද්ධ කර ඇත.

ඕමාන තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ සිටියදී කාන්තාවක බලහත්කාරයෙන් ගබ්සාවකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකිරීමට පත් කළ විශේෂ කමිටුව කඩිනමින්  ඕමානය බලා පිටත්ව යාමට නියමිතය. 

Connet With Us