උතුරු සහ නැගෙනහිර පළාත්වල සිදුවු පුද්ගල අතුරුදන්වීම් පිළිබඳ විමර්ශන සිදු කර ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ලබා දීම සඳහා 2013 වසරේ අගෝස්තු මාසයේදී ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරුණි.
අදාළ කොමිසමේ කාලය පසුගිය පෙබරවාරි මාසයෙන් අවසන් වීමට නියමිතව තිබුණද එහි කාලය මෙම මාසය දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ තීරණය කළේය.
ඒ අනුව 2015 වසරේ පෙබරවාරි මස 15 වන දින දක්වා කොමිසමේ කාලය නැවත දීර්ඝ කර ඇති බව සඳහන්ය.
මැක්ස්වෙල් පරණගම මහතාගේ සහාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සමාජිකයින් ලෙස සුරංජනා විද්‍යාරත්න සහ මනෝරාමනාදන් යන මහත්මින් කටයුතු කරනු ලැබේ.