වෛද්‍ය පාදෙණියට යළි සභාපතිකම!

Published in පුවත්
Wednesday, 06 August 2014 12:10
රජයේ නිළධාරීන්ගේ සංගමයෙන් තේරී පත්වූ විධායක සභාවට පනවා තිබූ වාරණ නියෝගය අහෝසි කිරීමට ගල්කිස්‌ස දිසා විනිසුරු ගිහාන් රණවක මහතා නියෝග කලේය. 
 ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගියදා පැවැත්වූ නිලවරණයේදී සභාපති ලෙස තේරී පත්වූ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු සියලුම වෛද්‍යවරුන් පෙර ලෙස සිය සංගමයේ කටයුතු සිදු කරනු ඇත. 
 
මෙම නිලවරණය පැවැත්වීම වාරණය කරමින් ගල්කිස්‌ස දිසා අධිකරණය විසින් මීට පෙර දිනක ලබාදී තිබූ වාරණ නියෝගය නොතකා හරිමින් පසුගියදා සෙනසුරාදා නිලවරණය පවත්වා අධිකරණයට අපහාස කළේ යෑයි කියන චෝදනාව සම්බන්ධව කරුණු දැක්‌වීම සඳහා මෙම 09 වැනිදා ගල්කිස්‌ස දිසා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් දිසා විනිසුරු ගිහාන් රණවක මහතා වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණ කමිටුවට නොතීසිද නිකුත් කර තිබුණි. 
 
 වෛද්‍යවරුන් 4 දෙනෙකු ගොනු කළ පැමිණිල්ලක් විභාගයට ගනිමින් ඔවුන් එමගින් සඳහන් කර ඇත්තේ තම අයිතිවාසිකම් උල්ලංගණය වන අයුරින් සහ ව්‍යවස්ථාවට පටහැනි අයුරින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගියදා පැවැත්වූ  මෙම නිළවරණය පැවැත්වීමට සූදානම් වන බව පවසා තිබුණි. 
 
එය වළක්වාලමින් තීන්දුවක් ලබාදෙන ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර  එම කරුණු සැලකිල්ලට ගෙන ගල්කිස්ස දිසා අධිකරණය මෙම වාරණ නියෝගය නිකුත් කළේය.
Last modified on Wednesday, 06 August 2014 14:11

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us