දැරියන් දෙදෙනෙකු අපයෝජනයට ලක් කරයි

Published in පුවත්
Wednesday, 06 August 2014 12:00
ඉකුත් 26 වැනිදා උතුරු කළුතර මුහුදු වෙරළේදී 14 හැවිරිදි දැරියන් දෙදෙනකු තරුණයන් පස්‌දෙනකු විසින් පැහැරගෙන ගොස්‌ කැලෑවකදී දූෂණය කර පසුව උතුරු කළුතර සංචාරක හෝටලයකට ද රැගෙන ගොස්‌ දූෂණය කර තිබිණි.
 
එම සමූහ වශයෙන් දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස්‌ දෙනාගෙන් එක්‌ ඇයෙක් වූ යුද හමුදා සෙබළා උතුරු කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුනා.ඔහුව ඊයේ කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය වෙත ඉදිරිපත් කලේය. 
 
 එම සැකකරුවා 8 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර එදින ඔහු හඳුනා ගැනීමේ පෙරට්‌ටුවකට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරිය කළුතර බන්ධනාගාර අධිකාරිට නියෝග කළේය.
 
 මෙම සැකකරු කළුතර නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්‌. එන්. අත්තනායක මහතා පරීක්‍ෂා කළ බවත් සැකකරු සමාජ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයාට ඉදිරිපත් කරන ලෙස නිර්දේශ කර ඇත.
 
මෙම සිද්ධියට සම්බන්ධ  සැකකරුවන් 8 දෙනකු ඉකුත් 3 වැනිදා රක්‍ෂිත බන්ධනාගාර ගත කළ අතර එම 8 දෙනාගෙන් සිවු දෙදෙනකු මෙම තරුණියන් දූෂණය කළ බව කියන තරුණයන් වන අතර ඔවුන් මෙම මස 8 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කර එදින හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවකට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබිණි.
 
ඉතිරි සැකකරුවන් තිදෙනා අතර හෝටල් කළමනාකරුද නාවික හමුදා භටයකු සහ ත්‍රීවීල් රථ රියෑදුරකුද ඇත.
Last modified on Wednesday, 06 August 2014 12:52

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us