යොවුන් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන දේවින්ද කෝන්ගහගේගේ කුළුදුල් සිනමා නිර්මාණය වන භවතරණ සිනමා සිත්තමේ වැඩ මේවන විට නිමවී ඇත.

බුදු දහම හා දේශපාලනය අතර සමීප සම්බන්ධයක් ඇතැයිද, එය අදත් එලෙසම පවතින්නේ යැයි ද ඒත් වර්තමානයේ ඒ ගනුදෙනුව වෙනස් බව පෙන්වීම පාදක කරගනිමින් මේ සිනමා පටය නිර්මාණය වී තිබේ.

කෙසේවුවද බුදු දහමෙන් දේශපාලනය යැපුණද, බුදු දහමට  අතකොළුවක් විය නොහැකි බවද බුදු දහමට දේශපාලනයක් නොවන බවද පෙන්වීමට තමා මෙහි සිනමා රූපන යොදාගත් බව එහි අධ්‍යක්ෂ දේවින්ද අප සමඟ කියා සිටියේය.

රංග බණ්ඩාරනායක අප සැම හඳුනන්නේ ජාතික රූපවාහිනියේ ප්‍රවීණ වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, ටෙලිනාට්‍ය, අධ්‍යක්ෂකවරයෙක් ලෙසයි. ඔහු නිර්මාණයට දායක වූ ‘සිත නිවන කතා’ වැනි ඒකාංගික ටෙලි නිර්මාණ අදටත් ප්‍රේක්ෂකයන් අතර කතා බහට ලක්වෙනවා. මේ දිනවල රංග ගැන කවුරුත් යළිත් වරක් කතා බහ කරන්නේ ඔහුගේ අලුත් ම ටෙලි නිර්මාණය වන ‘භවාන්තර’, ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වීම නිසයි. රංග සමඟ යෙදෙන මේ කතා බහ ද පෙළ ගැසෙනුයේ ඔහුගේ නවතම ටෙලිනාට්‍ය නිර්මාණය වෙනුවෙනි.

උම්මා දේශපාලනය

Saturday, 09 August 2014 15:20

අපේ ජීවිත වලට ඇති වටිනාකම රාජපක්ෂ විසින් නැති කොට ඇත. ඔහු මෙම කරුමක්කාරී දීර්ඝ කාලීන වැඩපිළිවෙලේ වර්තමාන භූමිකාවය. රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස නිරත වී සිටින යුටෝපියානු මෙන්ම ගූඪ ආත්මාර්ථකාමී දේශපාලනය මඟින් රාජපක්ෂ තවත් වසර හයකට තම ධූරකාලය දීර්ඝ කරගන්නේ නැතැයි කිසිවෙකුට කිව නොහැකිය. කළ යුතු ඉටිගෙඩියක් කිරීම සඳහා ඇත්තේ තවත් මාස හයක් වැනි ඉතා සුළුකාලයක් පමණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආධිපත්‍ය තහවුරුකර ගැනීමට වත්මන් ක්‍රිකට් සභාපති ජයන්ත ධර්මදාස හා හිටපු  ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස යන දෙසොහොයුරෝ සීතල යුද්ධයක පැටලී ඇතැයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

2004 දෙසැම්බර් මස 26 වැනිදා ශ්‍රී ලංකාවටත් දැඩි බලපෑමක් ඇති කරමින් දකුණු හා අග්නිදිග ආසියානු කලාපයේ ඇති වූ සුනාමි අනතුරින් අතුරුදන් වූ ඉන්දුනීසියානු දැරියක් වසර 10කට පසුව නැවත හමුවීමේ සුවිශේෂී සිදුවීමක් වාර්තා වෙයි.

හිටපු හමුදා නිලධාරියෙකු වූ වත්මන් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු සිය දකුණු අත අහිමිව තිබියදීත් මෝටර් රථ ආඥා පනතේ නියමයන් නොසලකා හරිමින් අනතුරුදායක ලෙස රිය පදවන බවට වාර්තා වෙයි.

බ්‍රසීල ජාතික සෙල්සෝ සන්ටෙබානෙස්ගේ පෙනුම බාබි බෝනික්කන් සමඟ හමුවන කඩවසම් 'කෙන්' බෝනික්කු මෙනි.

‘කික්’ චිත්‍රපටය උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගත වෙද්දී බොහෝ දෙනකුගේ අවධානය යොමු වී ඇත්තේ එහි රඟන සල්මන් ඛාන් සහ ලාංකේය නිළි ජැකලින් ෆර්නැන්ඩස් වෙතටයි. පසුගිය දා ඉන්දියාවේ ‘සී. ටී. වී.’ (zee TV) රූපවාහිනී චැනලයේ විශේෂ සාකච්ඡාමය වැඩසටහනකටත් සල්මන් සහ ජැකලින් ඇරයුම් ලබා සිටියේ ඒ ජනප්‍රියත්වය නිසාමයි. එම වැඩ සටහනේදී එක් අවස්ථාවක සල්මන් ජැකලින්ව ඇමතුවේ ‘ජේ. එෆ්. කේ.’ (JFK) යනුවෙන්.

මිනිස් සිරුරේ රෝගාබාධ නිශ්චය කර ගැනීම සඳහා බෙහෙත් කරලක ස්වරූපයෙන් කැමරා කරලක් නිපදවීමට එංගලන්තයේ රෝයල් බෝල්ටන් රෝහලේ වෛද්‍ය සලීල් සිං සමත්ව සිටී. මේ කැමරා කරල මඟින් සිරුර අභ්‍යන්තරයේ සැඟව පවතින රෝගාබාධ රැසක් සොයා ගැනීමට හැකි බව වෛද්‍යවරු පවසති.

ජංගම දුරකථන රැගෙන එන මුවාවෙන් ගුවන් තැපෑල හරහා ඩුබායි සිට ශ්‍රී ලංකාවට රුපියල් කෝටි දහයකට අධික වටිනාකමක්‌ ඇති මත්කුඩු සහ රත්රන් රැගෙන විත් ඉතා සූක්‍ෂම ලෙස මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානයෙන් පිටකර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක්‌  පැවසීය.

Connet With Us