ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් දිවයිනපුරා රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් ලබන 26වෙනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය අනතුරු අඟවා සිටී.

රුපියල් කෝටි 100ක වන්දියක් ඉල්ලා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත එන්තරවාසියක් යවා ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මතභේදයට තුඩු දී තිබෙන කාශ්මීරයේ කාර්ගිල් නගරයේ සංචාරයක යෙදී සිටියි.

මෙරට ක‍්‍රියාත්මක වෙමින් ඇති හාල් මාෆියාවේ ඉහලින්ම ඉන්නේ මැති ඇමති හිතවතුන් යයි මරදගහමුල හාල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී.කේ රංජිත් මහතා පවසයි.

පසුගිය ජුනි මාසයේ ජාඇල ප්‍රදේශයේදී සෙව්මිණි නමැති පාසල් දැරියක දුම්රියට පැන දිවිනසාගැනීමේ සිදුවීම ආන්දෝලනයට ලක්වුයේ එය සියදිවිනසාගැනීම පිටුපස ඇති විවිධ මත හේතුවෙනි. 
එම දැරියගේ මරණයෙන් පසුව ඇය විසින් ලියන ලද ලිපියක්ද හමුවූ අතර එම ලිපියෙන්ද යම් යම් කරුණු හෙළිවී තිබුණි.

මීගහතැන්න හේන්යාය ප‍්‍රදේශයේ නිවසක පියා සහ පුතෙකු පහරදී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් පස් දෙනෙකු මේ වන විට හඳුනා ගෙන ඇති බව පොලිසිය පවසයි.

ලෝරන්ස්ගේ මනමාලී නමැති ප‍්‍රහසන වේදිකා නාට්‍යය අගොස්තු මාසේ 13 -14 යන දෙදින ලයනල් වෙන්ඞ්ටි හිදී පැවැත්වේ.

විලාසිතා වලට ගැහැණු පිරිමි භේදයක් නැහැ. දැන් කාන්තාවන්ට නොදෙවෙනි ලෙස පිරිමින්ද විලාසිතා වලට පුරුදුවී සිටී. මේ ආරංචිය අනුව ජපාන වෙළඳ පොළේ මේ වනවිට පිරිමි තනපට (Man-Bra) ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතින බව සැලයි.

රුපියල් කෝටි හයක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සහිතව අත් අඩංගුවට ගෙන නඩු භාණ්ඩයක් ලෙස බොරැල්ල පොලීසියේ නවතා තිබූ සුපිරි මෝටර් රියක් අනවසරයෙන් රැගෙන ගොස් තිබේ.එම සිදුවීම සම්බන්ධයෙන් පොලීසියේ කොස්තාපල් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.

බටහිර අප‍්‍රිකාවේ දහසකට පමණ මරු කැඳවූ මාරාන්තික එබෝලා වෛරසය ජෛව අවියක් ලෙස භාවිතා කිරීමට ඉඩකඩක් ඇතැයි රුසියානු ෆෙඩරල් සෞඛ්‍ය ජෛව විද්‍යා ආයතනය පවසා තිබේ.

Connet With Us