නීතිඥවරයෙකු මගින් යවා ඇති එම එන්තරවාසියෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉකුත් 5 වෙනිදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිදුකළ අසත්‍ය ප්‍රකාශ කිහිපයකින් තමන්ට අගතියක් සිදු වූ බවයි.
අදාළ ප්‍රකාශයන් නිසා සිය දේශපාලන ප්‍රතිරූපයට හානි වූ බවද දරුණු සිත් පීඩාවක් ඇති වූ බවද එහි දැක්වේ.
ඊට වන්දිය ලෙස තමන් ඉල්ලා සිටින රුපියල් කෝටි 100 සති දෙකක් ඇතුළත තමන් වෙත ගෙවිය යුතු බව අදාළ එන්තරවාසියේ වැඩිදුරටත් සඳහන් වේ.