නොනවතින වැඩ වර්ජනයකට සැරසේ !

Published in පුවත්
Tuesday, 12 August 2014 20:42

ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් දිවයිනපුරා රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් ලබන 26වෙනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය අනතුරු අඟවා සිටී.

 පළමු ශ්‍රේණියට හිමි උසස්වීම් ලබා නොදීම, අධි ශ්‍රේණියේ උසස් වීම් ලබා නොදී, ඇතුළු ඉල්ලීම් කීපයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිවාරයා සමඟ මීට පෙර සාකච්ඡා කළද අදාල ඉල්ලීම් මුදල් අමාත්‍යංශයට, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට, හා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති නමුත් මේ වන තෙක් නිසි ප්‍රතිචාරයක් ලැබි නොමැති බව ඇමතිවරයා බලමණ්ඩලයට දැනුම් දී ඇතැයිද බලමණ්ඩලයේ ‍ලේකම් ජානක නිශාන්ත මහතා සඳහන් කළේය.

මේ අනුව ඉදිරි සතිය තුළ තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලබා නොදුන හොත් ලබන 26වෙනිදා සිට දිවයිනපුරා රෝහල් වල පරිපුරක වෛද්‍ය වෘත්තිකයින් 5000ක් දෙනා මෙම අඛණ්ඩ වැඩ වර්ජනයට සහභාගි වන බව හෙතම අවදානය කළේය.

මේ හේතුවෙන් රෝහල්වල එක්ස් කිරණ පරීක්ෂණ, රුධිර පරීක්ෂණ, රසායනාගාර පරීක්ෂණ, ඖෂධ නිකුත් කිරීම, මුළුමනින්ම නතර වෙන බවද බලමණ්ඩලය අනතුරු අඟවා සිටී.

වැඩ වර්ජනය පැවතියද රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවාවන් සිදු කරන බව ද ජානක නිශාන්ත මහතා පැවසීය.

තම  ඉල්ලීම්වලට පසුගිය 8වෙනිදා විසදුම් ලබා දෙන බව සෞඛ්‍ය ඇමතිවාරයා ‍පොරොන්දු වු නුමුත් මේ වන තෙක් තම වෘත්තීය ඉල්ලීම් වලට විසදුම් ලබා දීමට කටයුතු නොකළ බව බලමණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ජානක නිශාන්ත මහතා පැවසීය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us