සහල් මාෆියාවේ ප‍්‍රමුඛයෝ මැති ඇමති හිතවතුන්

Published in පුවත්
Tuesday, 12 August 2014 15:52

මෙරට ක‍්‍රියාත්මක වෙමින් ඇති හාල් මාෆියාවේ ඉහලින්ම ඉන්නේ මැති ඇමති හිතවතුන් යයි මරදගහමුල හාල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී.කේ රංජිත් මහතා පවසයි.

‘සංගමයේ මෝල් හිමියන් 113 දෙනෙක් ඉන්නවා. අද වැඩ කරන්නේ මෝල් 18යි. අපිට මේ පවතින මිලට වී අරන් හාල් දෙන්න බෑ. ව්‍යාපාරයක් ලෙස තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්න අවශ්‍ය නිසා දරාගන්න පුළුවන් ව්‍යාපාරිකයන් කීපදෙනෙක් පමණක් පාඩු පිට හාල් මෝල් කීපයක් කරගෙන යනවා.

වී කිලෝවක රජයේ සහතික මිල රුපියල් 35ක් වුණත් පොළොන්නරුව පැත්තේ මහා පරිමාණයෙන් හාල් නිපදවන කීපදෙනා කුඹුරෙදීම ගොවියාගෙන් වී කිලෝව රුපියල් 48කට ගන්නවා. මෙහෙම කරලා ඒ අය වෙළදුන්ට පාලන මිලට වඩා අඩුවෙන් සහල් දෙනවා.මේක නම් විස්මිත රහසක්.

මේ රහස සිල්ලර වෙළෙන්දෝ නම් දන්නවා. කඬේට බිල දාන ගාණට වඩා තවත් ගාණක් අත යටින් අරන් ඔවුන් මිල පාලන නීතියෙන් බේරිලා වැඩි මිලකට සිල්ලර වෙළෙදුන්ට සහල් අලෙවි කරනවා. ඔවුන්ට රජයේ මැති ඇමතිවරුන්ගේ සහාය තියනවා. සහල් වැඩි මිලට වික්කොත් සුළු ව්‍යාපාරිකයාට දඩ කන්න වෙනවා.

මහාපරිමාණ හාල් සපයන්නෝ කීපදෙනෙක් මිල පාලනයට මුවාවෙලා හාල්වලින් විශාල ලාභයක් ලබාගෙන සහල් වෙළදාම් සියතට අරන් තියනවා. ඕකයි තත්ත්වය’ යයිද සභාපතිවරයා සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us