සෙව්මිණි දිවිනසාගත්තාට මට විතරක් දඩුවම් ඇයි.

Published in පුවත්
Tuesday, 12 August 2014 15:13

පසුගිය ජුනි මාසයේ ජාඇල ප්‍රදේශයේදී සෙව්මිණි නමැති පාසල් දැරියක දුම්රියට පැන දිවිනසාගැනීමේ සිදුවීම ආන්දෝලනයට ලක්වුයේ එය සියදිවිනසාගැනීම පිටුපස ඇති විවිධ මත හේතුවෙනි. 
එම දැරියගේ මරණයෙන් පසුව ඇය විසින් ලියන ලද ලිපියක්ද හමුවූ අතර එම ලිපියෙන්ද යම් යම් කරුණු හෙළිවී තිබුණි.

සෙව්මිණි සතුව තිබුණා යැයි කියන ගුරුවරියන් දෙදෙනෙකුගේ අයථා සම්බන්ධයක් ඔප්පු කරන බාසුන්නැහේ කෙනෙකු විසින් දුන් මෙමරි කාඞ්පතක් එම ගුරුවරියන්ට ලබාදීමට නොහැකිවූ තැන එම දැරියට එල්ලවූ පීඩනය හමුවේ ඇය දිවිනසාගත් බව එකල මාධ්‍යය වාර්තා කොට තිබුණි. 

පසුව සිදුකරනු ලැබූ විමර්ශන වලින් අනතුරුව අධ්‍යාපන කාර්යාලය විසින් එම පාසලේ විනයභාර ගුරුතුමිය වන සුගීත ගුරුතුමියගේ වැඩ තහනමට ලක්කොට තිබේ. 

එම සිදුවීම පිළිබඳව වැඩ තහනමට ලක්වීමෙන් අනතුරුව සති අන්ත පුවත්පතකට දීර්ඝ සම්මුඛ සාකච්චාවක් ලබාදෙමින් සුගීතා ගුරුතුමිය පවසා ඇත්තේ සෙව්මිණි අපයෝජනයට ලක්ව මානසික පීඩාවෙන් කල්ගත කළ දැරියක බවය.  

මෙමරි කාර්ඞ් එකේ ඇති ඡායාරූප මොනවාදැයි ඇසූවිට "එකක සුගීතා ටීචර් ටවල් එක ඇඳලා. අනිත් එකක ස්කර්ට් එකක් ඇඳලා, අනිත් එකේ ඇඳුම් මුකුත් නෑ කියලා" සෙව්මිණි දැරිය කියූ බවත් එයින් තැතිගත් තමා එය සොයන්නට ඇගේ නිවසට ගිය බව ඇය එම සාකච්චාවේදී පිළිගෙන තිබේ. එම මෙමේරි චිප් එක සෙවීමට ගියත් ඇයට තරවටු නොකළ බවද ඇය එහිදී ප්‍රකාශකොට තිබේ.

 
සෙව්මිණි දිවිනසා ගත් ආරංචියෙන් පසුව 
ඒ වෙලාවෙම නෙල්කා ටීචර් කතා කරලා තියෙනවා ප‍්‍රින්සිපල් සර්ගේ ගෙදරට එන්න. ඉස්කෝලෙදි සිද්ධ වෙච්ච දේ ගැන පොලිසිය දැනුවත් කරන්න  ඕන කියලා.
හවස 5.30ට විතර මම අපේ ගෙදරට කෝල් කරලා ඇහුවා කවුරු හරි ආවද කියලා. අක්කාගේ දුව කියනවා ඔව් පුංචිව කට්ටියක් හොයනවා කියලා. පිරිමි දරුවෙක් ෆෝන් එක උදුරාගෙන ටීචර් කොහේද ඉන්නෙ කියලා අහනවා. ඒ රුසිරු. මගේ ගෝලයෙක්. රුසිරු මගෙන් අහනවා ටීචර් කවුද සෙව්මිගේ කොල්ලා කියලා. එතකොටම අක්කාගේ දුවට කවුරු හරි ගහනවා මට ඇහෙනවා.
 
ඊට පස්සේ මේ සියලූ කාරණා මගේ ජීවිතයට තර්ජනයක් කියලා මං හැංගෙනවා. ජීවිතේ බේරගන්න. එක රැයක් එක තැනක, තව රැයක් තව තැනක හැංගෙන අතරේ වෙනම කතාවක් එළියට එනවා. ඒ කාවිංගා ටීචර් සහ මගේ අතර තියෙන සම්බන්ධයක් ගැන.ඊට පස්සේ මගේ වැඩ තහනම් වෙනවා. පළාත් කලාප දෙපාර්තමේන්තුවෙන් ඇයි මට මෙහෙම කළේ කියන එක මට ප‍්‍රශ්නයක්. මේ වෙද්දි මගේ රස්සාව නෑ.
 
විදුහල්පතිතුමාටවත් කාවිංගා ටීචර්ටවත් මුකුත් නෑ. මේ දඬුවම මට විතරක් ලැබුණේ ඇයි?සෙව්මි රැගෙන ගිය අද්භූත රහසේ පංගුකාරිය වෙමින් සදාකාලිකව විඳවන්න වූ සුගීතා ටීචර්ගේ අද තත්ත්වය එසේය.නමුත් මෙම සිදුවීමේ සත්‍ය අසත්‍ය කිසිදා හෝ එළි දකිනු ඇත.
Last modified on Tuesday, 12 August 2014 15:52

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us