පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මීගහවත්ත පොලිසිය මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි. වසර ගණනාවක් තිස්සේ පැවති ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
එම දෙපිරිස අතර ඥාති සබඳතාවක් ද පවතින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.ඊයේ රාත්‍රීයේ පොලු මුගුරුවලින් පහරදී මෙම මෙලෙස ඝාතනය කෙරුණේ 72 හැවිරිදි වියේ පසුවු පියෙකු සහ 42 වැනි වියේ පසුවු ඔහුගේ පුත්‍රයායි. පහරකෑමට ලක්වු තවත් අයෙකු නාගොඩ මහරෝහලේ ප්‍රතිකාර ලබමින් බවද පොලිසිය සඳහන් කළා.
සබැදි පුවත්