News Items (18842)
අතුරුදන්වුවන් පිළිබඳ ජනාධිපති කොමිසමට පසුගිය 08 වැනිදා සිට ඊයේ දිනය දක්වා කාලය තුල නව පැමිණිලි 157ක් ලැබි ඇත. එම කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා පවසන්නේ කොමිසමට නම් කළ නව සාමාජිකයින් ද සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකරන බවයි.
ජනපි‍්‍රය කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු, නළුවෙකු හා නිරූපන ශිල්පියෙකු වන අකලංක ගනේගම කලක් ඔහුගේ පෙම්වතියව සිටි සචිනි මහබමුණුගේ සමග විවාහ ගිවිසගෙන තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂී සංකේතයක් බවට පත්ව සිටින මහේල ජයවර්ධනගේ සමුගැනීමේ තරගය කෙසේ සංවිධානය වියයුතුදැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකු මහේල ගෙන්ම අදහස් විමසා සිටීම මේ වන විට ක්‍ෂේත්‍රයේ කථා බහට ලක්‌වෙමින් තිබේ.
දඟ පන්දු යවන පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක සයීඩ් අජ්මාල්ගේ පන්දු යවන ඉරියව්ව සැක සහිත බවට පැමිණිලි ලැබී ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි.
ඉන්දීය බටහිර බෙංගාල ප්‍රාන්ත පොලිසිය සංවිධානය කළ උත්සවයකදී පොලිස් නිලධාරිනියක් වේදිකාවට පැමිණ සුපිරි සිනමා නළු ෂාරුක් ඛාන් සමග නර්තනයේ යෙදීම මතභේදයට තුඩු දී තිබේ.
පකිස්තානයට එරෙහිව ඉරිදා අවසන් වූ තරඟයේ අවසන් පන්දු වාර 15, බාධාවකින් තොරව ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස තමන් දෙවියන්ට යාඥා කරමින් සිටි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
ශ්‍රී ලංකාවේ ස්ථාපිත සම්මත වටිනාකම් තමන් සහ තමන්ගේ ඥාතී සමූහයා විනාශ කරන පසුබිමක් තුල තවත් ජාතියේ ආදරණීය පියා යනුවෙන් පැවසීමට තරම් හැකියාවක් රාජපක්ෂ ජනාධිපතිවරයාට නොමැති බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි.
අනුන්ගේ යට ඇඳුම් සොරකම් කිරීම මානසික රෝගයක් නමුත්, සොරකම් කිරීමට තරම් සිතෙන යට ඇඳුමක් චීන විලාසිතා දැක්මකදී පසුගිය දා එළිදැක්විණ.
හෙට (12) සිට ක්‍රියාත්මක වන පරිදි ලොකු ලූනූ කිලෝවක ආනයනික බද්ද රුපියල් 25කින්ද ලබන (15) සිට අල කිලෝවක ආනයනික බද්ද රුපියල් 15කින්ද වැඩි කරන බව මුදල් අමාත්‍යංශය පවසයි.
