නිදහස් මත දරන්නියක් ලෙස ප්‍රකට මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කැළණිය විශ්යවිද්යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්යවරියකි.
ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපාධිය King's College London න් ලබා ගත් ඇය ඉන්පසු කොළඹ විශ්විද්‍යාලයෙන් ස්ත්‍රී අධ්‍යනය පිළිබඳ MA උපාධිය ලබාගත්තාය. ඉන්පසු පශ්චාත් උපාධිය ලබා ගත්තේ ලංඩන් විශ්වවිද්‍යාලයෙනි.
එමෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය අධ්‍යනය පිලිබඳ විශේෂඥවරියක්ද වන ඇය කැලණිය විශ්ව විද්‍යාලයට අමතරව වෙනත් උසස් අධ්‍යාපන ආයතන කීපයක මේ පිලිබද දේශන පවත්වන්නියකි.
සෙනෙවි බී වික්‍රමසිංහ සහ ශිරාණි වික්‍රමසිංහ යුවලගේ එකම දරුවා වන වන වික්‍රමසිංහ මහත්මියගේ උපන් ගම නාවල කොස්වත්ත ප්රදේශයයි.
මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමග රනිල් වික්‍රමසිංහ මහතා විවාහ දිවියට එළඹියේ 1994 වසරේදී ය.