වැඩිදුරටත් අදහස් දක්වන සහකාර මැතිවරණ කොමසාරිස් ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා පෙන්වා දෙන්නේ අපේක්ෂක ලැයිස්තු සකස් කිරීම අවසන් වී නොමැති බැවින් බදුල්ල දිස්ත්රික්කයේ මනාප අංක නිකුත් කිරීමට තව දින 02ක් පමණ ගතවනු ඇති බවයි.
ඌව පළාත් සභා මැතිවරණය සඳහා මොණරාගල දිස්ත්රික්කයෙන් තරඟ කරන අපේක්ෂකයින්ට මනාප අංක නිකුත් කිරීම අද පෙරවරුවේ ආරම්භ වූ අතර මොණරාගල දිස්ත්රික් මැතිවරණ තේරිම් භාර නිලධාරි කාර්යාලයේ දී මනාප අංක නිකුත් කිරීම සිදුකෙරුණු බව වාර්තා වේ.
එහිදී ස්වාධීන කණ්ඩායම් සහ පිළිගත් දේශපාලන පක්ෂ 19ක අපේක්ෂකයින් 323 දෙනෙකුට මනාප අංක ලබාදුන් බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.