ඉබෝලාට එරෙහිව දොස්තරලා කටුනායක යයි

Published in පුවත්
Monday, 11 August 2014 13:44
ඉබෝලා වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ලයිබිරියාවේ සිට මෙරටට ගෙන්වන ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින්  200ක් දෙනා කටුනායක  ගුවන්තොටු‍පොළේදී පරීක්ෂාවකට ලක් කිරීමට  විශේෂ වෛද්‍ය කණ්ඩායම් සූදානම් කර  ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ‍ලේකම් සුධර්මා කරුණාරත්න මහත්මිය පෙන්වා දෙයි.
 
ඒ අනුව මෙම පිරිස ගුවන්තොටු‍පොළේදී විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් යෙදවීමට කටයුතු කර තිබේ.
 
 උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යව, ඇතුළු රෝග ලක්ෂණ ඇත්නම් එවැනි රෝගීන්ව විශේෂයෙන්ම සැකසූ ගිලන් රථයකින් උණ රෝහල (අයි.ඩී.එච්) වෙත ගෙන යාම සඳහා සූදානම් කර  ඇත.
 
ඉබෝලා රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් හමු වුවහොත් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට විශේෂ ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් ලබා දී ඇති අතර   පැය 24 පුරාම ක්‍රියාත්මක මෙම ඒකකය සඳහා අනුයුක්ත කර තිබෙන බව ගුවන් තොටුපළේ විශේෂ මෙහෙයුම් ඒකකයේ අධ්‍යක්ෂ එච්.දෙනුවර මහතා පෙන්වා දෙයි. 
 
මේ අතර නැවත දැනුම් දෙනතුරු ලයිබිරියාවට ශ්‍රමිකයින් යැවීම අත්හිටුවා ඇත.
 
මේ වනවිට ඉබෝලා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 
කෙන්යාව             367
ලයිබිරියාව            294 
සියරා ලියොන්       298
නයිජීරියාව              02 
මුළු සංඛ්‍යාව          961

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us