මහේලගේ සමුගැන්මේ සාදය ගැන 'කැත' විමසීමක්‌

Published in පුවත්
Tuesday, 12 August 2014 10:11

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවේ සුවිශේෂී සංකේතයක්‌ බවට පත්ව සිටින මහේල ජයවර්ධනගේ සමුගැනීමේ තරගය කෙසේ සංවිධානය වියයුතුදැයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ නිලධාරියකු මහේල ගෙන්ම  අදහස්‌ විමසා සිටීම මේ වන විට ක්‍ෂේත්‍රයේ කථා බහට ලක්‌වෙමින් තිබේ.

ලොව විශිෂ්ටතම ක්‍රීඩකයන් කිහිප දෙනාගෙන් අයෙකු ලෙස සැලකෙන මහේල ජයවර්ධන ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට කරන ලද සේවය සැලකීමේදී ඔහුගේ සමුගැනීමේ සාදය විශිෂ්ට ලෙස සංවිධානය කළ යුතු යෑයි ක්‍රිකට්‌ විධායක සභාව තීරණය කර තිබෙන අතර ඒ සඳහා වෙනම කමිටුවක්‌ද පත්කර තිබේ.

එවන් සැලසුමක්‌ සහිතව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විධායක කමිටුව මේ පිළිබඳව සංවිධාන කටයුතු කිරීමට සැරසුණද එයට වෙනස්‌ මතයක සිටින පුද්ගලයකු විසින් මහේල අමතා, සිය සමුගැනීමේ තරගය කෙසේ වර්ණවත්විය යුතු දැයි ලි තව දැනුම් දෙන ලෙස විමසීම තරමක්‌ අභව්‍ය හැසීරීමක්‌ බවට පත්ව තිබේ.

නමුත් එයට පිළිතුරු සපයා ඇති මහේල, තමාගේ සියලු අවධානය පාකිස්‌තානය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයට යොමුවී තිබෙන බවත් එහිදී තමාට අවශ්‍ය වන්නේ ටෙස්‌ට්‌ තරගය ජයග්‍රාහීව අවසන් කරමින් තම 'සමුගැනීමේ සාදය' වර්ණවත් කිරීම මිස බාහිර දේවල් නොවන බව සඳහන් කරමින් පිළිතුරු ලිපිය යොමු කර තිබේ.

විද්යුත් තැපෑල ඔස්‌සේ යවන ලද ලිපියෙහි වැඩිදුරටත් සිය අදහස්‌ පළ කර ඇති මහේල, සමුගැනීමේ තරගය වුවද තමාට කිසිදු දෙයක්‌ අනවශ්‍ය බවත්, හැකිනම් පමණක්‌ ප්‍රවේශ පත්‍ර 50 ක්‌ හෝ 60 ක්‌ ලබාදීමට හැකිනම් එය වටිනා කරුණක්‌ වන බව සඳහන් කරමින් එම ලිපිය යොමු කිරීමට තරම් නිහතමානී වී තිබේ.

එවැනි ආකාරයේ විමසීමකදී ඕනෑම අයෙකු අපහසුතාවයට පත්වීම සාමාන්‍ය තත්ත්වයක්‌ බව දැන දැනත් එවැනි පහත් ආකාරයේ විමසීමක්‌ එම ඉහළ පෙළේ නිලධාරියා විසින් සිදු කිරීම පිළිබඳව ක්‍රිකට්‌ විධායකය මෙන්ම ජාතික කණ්‌ඩායමේ ක්‍රීඩකයන් තුළද ඇතිවී ඇත්තේ දැඩි අප්‍රසාදයක්‌ බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට කරන ලද සුවිශේෂී මෙහෙය අගය කිරීම වෙනුවෙන් එම කමිටුව විසින් විශේෂ වැඩසටහන් කීපයක්‌ම සංවිධානය කිරීමට තීරණය කර තිබේ. එහි ප්‍රධානම අංගයක්‌ ලෙස ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ සහ මහජනතාවගේද සහාය ඇතිව ටොරින්ටන් චතුරශ්‍රයේ සිට එස්‌. එස්‌. සී. ක්‍රීඩාංගණය දක්‌වා වූ මාර්ගය දෙපසට වී ක්‍රිකට්‌ පිති ඔසවා ආචාර කරමින් මහේලව ක්‍රීඩාංගණය වෙත කැඳවාගෙන ඒමට පියවර ගැනීම හැඳින්විය හැක.

ඊට අමතරව තරගාවසානයේදී සුවිශේෂී ත්‍යාගයක්‌ මහේලට ප්‍රදානය කිරීමටද තීරණය වී තිබුණද ලබාදෙන්නේ කුමක්‌ද යන්න ඊයේ වන විටත් ස්‌ථිර වී නොතිබිණි. එය බොහෝ විට සුඛෝපභෝගී වර්ගයට අයත් මෝටර් රථයක්‌ බවද සඳහන් වේ.

එමෙන්ම අදාළ වැඩසටහන් අතරට මහේලගේ පාසල වන නාලන්දා විදුහලේ හිටපු විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ ආදි සිසුවන් සඳහා තරගය නැරඹීම වෙනුවෙන් එස්‌. එස්‌. සී. ක්‍රීඩාංගණය තුළ වෙනමම ක්‍රීඩාගාරයක්‌ ලබාදීමටද සැලසුම් කර තිබේ.

(දිවයින- චමිල කරවිට)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us