'ජනාධිපති ජාතියේ පියෙක් නොවේ' -එජාප

Published in පුවත්
Tuesday, 12 August 2014 09:51

ශ්‍රී ලංකාවේ ස්ථාපිත සම්මත වටිනාකම් තමන්  සහ තමන්ගේ ඥාතී සමූහයා විනාශ කරන පසුබිමක් තුල තවත් ජාතියේ ආදරණීය පියා යනුවෙන් පැවසීමට තරම් හැකියාවක් රාජපක්ෂ ජනාධිපතිවරයාට නොමැති බව එක්සත් ජාතික පක්ෂය  අවධාරණය කර සිටියි. 

සැබැවින්ම රාජපක්ෂ ජනාධිපතිවරයා මේ වන විට පත්ව සිටිනුයේ ඉතා අවාසනාවන්ත තත්ත්වයකට බවත්,  ඔහුට තම පාලනය ක්‍රමයෙන් ගිලිහෙමින් පවතින බවත් එජාපය පවසයි.

 ඒ ආරක්ෂක අමාත්‍යංශයේ අප්‍රකාශිත අමාත්‍යවරයා වන තම  සහෝදරයා නිසා පමණක් නොවේ යයි ද එජාපය කියයි.

එජාපය නිකුත්කළ නිවේදනයක ඉහත කාරනා සඳහන්වේ. එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ. 


 ජනාධිපතිවරයාගේ තරුණ  පුතුන් ද ආශ්චර්ය වන පිලිබද මායාවෙන් ඉතා අශෝභන ලෙස ශිෂ්ඨ සමාජය පිළිගත් සදාචාර නියමයන් හා සම්ප්‍රදායන් අමු අමුවේ උල්ලංගනය කරමින්, ඒවා කඩ කරමින් නව පූර්වාදර්ශ සමාජය තුල තහවුරු කිරිමට උත්සාහ දරමින් සිටිති.

තම කාල්ටන් ක්‍රීඩා සමාජය වෙනුවෙන් රග්බි ප්‍රවර්ධන වැඩ සටහනක් සදහා ජනප්‍රිය තරුණ ගායකයෙකු සමග තරුණ නාමල් රාජපක්ෂ පසුගියදා අග නගරයේ පිහිටි  කාන්තා පාසල් කිහිපයක සංචාරය කර තිබුණි.  එසේ ගිය එක් අවස්ථාවක,  උපරිමයෙන් විනය ප්‍රමිතීන් පවත්වාගෙන යාමට උත්සාහ දරණ රටේ කීර්තිමක් අධ්‍යාපන ආයතනයක දී මේ තරුණ මන්ත්‍රීවරයා හා ගායකයා පාසල් ඇදුමින් සැරසී සිටි තරුණියන්ට නුසුදුසු පද මාලාවක් සහිත ගායනයකට ආරාධනා කරමින් හැසිර තිබුණේ එළිමහන් සංගීත සංදර්ශනයක දී ඇතැම් සංගීත කණ්ඩායම් හැසිරෙන ආකාරයට ය. 


පාසලේ විදුහල්පතිනිය හා ආචර්යමණ්ඩලය ඉදිරියේ සිදු වූ එම අධම ක්‍රියාව සම්බන්ධයෙන් ඒ කීර්තිමත විදුහල් මෑණියන්ගේ සෙව‍ණේ අධ්‍යාපනය ලැබූ ආදී සිසුවියන්, දෙමව්පියන් හා පොදුවේ ගත් විට සමාජයේ සියළු කොටස් තුල පවතිනුයේ බලවත් පිලිකුලකි. අප්‍රසාදයකි.   

තමන්ගේ අතෘප්තිකර ආශාවන් වෙනුවෙන් රාජපක්ෂ දරුවන්ට රටේ අධ්‍යාපන ආයතන කෝලම් මඩු බවට පත් කිරිමට අවසර ලබා දීම යනු පැහැදිලිව ම තකතීරු  මුග්ධ ක්‍රියාවකි.   

මේ ආකාරයට රාජ්‍ය පාලනය හා සම්බන්ධ කටයුතුවල දී පෙන්වන වෘත්තිය නොවන ප්‍රවේශය හා පිළිගත් වටිනාකම් නොසලකා හැරීම සම්බන්ධයෙන් බැරෑරුම්ව අවධානය යොමු කරන ලෙස සියළුම ආගමික හා ප්‍රජා නායකයන්ගෙන් ඉල්ලා සිටිමට අප මෙය අවස්ථාවක් කර ගන්නෙමු. මේ “විකට රංගන” නතර කිරිමට දැන් කාලය එළඹ තිබේ.  

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us