"යාඥා කරමින් සිටියේ මුළු වෙලාවෙම අපිට ගහන්න ලබෙයි කියලා, අවසන් පන්දුවාර 15 " පකිස්තානය කඩුළු හතකින් පරාජය කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේය.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භයේ සිට ම වර්ෂාව ඇද වැටීමේ ලකුණු දක්නට ලැබුණු අතර පන්දු යවන්නන්ට මෙන්ම ශ්‍රී ලංකා පිතිකරුවන්ට වර්ෂාව සමග ද සටනක නිරත වීමට සිදු විය.
කෙසේ නමුත් වර්ෂාව ඇදහැලීමට විනාඩියකට පමණ පෙර තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.
'අන්තිම ඕවරේ'
"ඕවර 5ක් තියෙද්දී විනිසුරුවන් කිව්වා මේක තමයි අන්තිම ඕවරේ කියලා. මෙතනින් එහාට අපිට ගහන්න බැහැ කියලා, ඉතින් මම යාඥා කළා කොහොම හරි මේ ලකුණු ගහන්න අවස්ථාව ලැබෙන්න කියලා...
අපිට වාසනාව තිබුනා. මම ජයග්‍රාහී ලකුණ ගත්තත් එක්කම වහින්න පටන් ගත්තා, අපි ඒකට දෙවියන්ට ස්තුති වෙන්න ඕනේ" ඇන්ජලෝ මැතිව්ස් තවදුරටත් පැවසීය.
මහේල සහ රංගන
මෙම ජයග්‍රහණය මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට කළ සේවයට ලබා දුන් තිළිණයක් බව පැවසූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා එම ජයග්‍රහණයට මූලිකත්වය දුන් රංගන හේරත් ගැන ද සදහනක් කිරීමට අමතක නොකළේය.
"පසුගිය තරඟ තුනට පමණක් ඔහු පන්දු වාර 250 කට වඩා යවල තියෙනවා, ඔහුගේ දණහිස් දෙකත් එක්ක ඔහු විශාල කැපවීමක් කර තිබෙනවා, ඒ සේවය විශිෂ්ටයි." ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කළේය.
(බිබිසි සංදේශය)
පකිස්තානයට එරෙහිව ඉරිදා අවසන් වූ තරඟයේ අවසන් පන්දු වාර 15, බාධාවකින් තොරව ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස තමන් දෙවියන්ට යාඥා කරමින් සිටි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...