හඳුනා නොගත් ආකාශ වස්තුවක් ඉතාලියට ඉහළින්

Published in විදෙස්
Tuesday, 12 August 2014 10:39

නාසා ආයතනය විසින් ඉදිරි දශක දෙක තුළදී පිටසක්වළ ජීවය සොයාගැනීම සඳහා ක‍්‍රියා කරනවා. මේ අතරතුරදී ඇතැමෙකු පියවි ඇසින් පිටසක්වළ යානා යයි සැක කෙරෙන ආකාශ වස්තු නිරීක්ෂණය කර ඇති බව ද පැවසේ.  ඉතාලියේ මිලාන් නුවර ඇන්ටෝනියෝ උර්සි සිමොනා සිබිල්ලා මෙලෙස හඳුනා නොගත් ආකාශ වස්තුවක් දැක ඇත.

ඔහු වහාම එය තම වීඩියෝ කැමරාව භාවිතයෙන් පටිගත කර ඇති අතර ඉන්පසු යූටියුබ් අඩවිය තුළ පළකර ඇත. අතිශය දීප්තිමත් ආලෝකයන් පිටකරන මෙය සුපිරි පිටසක්වළ යානාවක් විය හැකි බව පැවසේ.  කෙසේවෙතත් යූ ටියුබ් නැරඹූ ඇතැම් පුද්ගලයන් මෙය හුදු නිර්මාණයක් පමණක් විය හැකි බවට සැක පහළ කර තිබේ.

එක් පේ‍්‍රක්ෂකයකු පවසා ඇත්තේ මෙය තමන් දුටු ලස්සනම හඳුනා නොගත් ආකාශ වස්තුව බවයි.  දිලිසෙන සුළු අභ්‍යවකාශ අපද්‍රව්‍ය කොටසක් පෘථිවියට කඩා වැටීමේදී මෙම දසුන නිමැවූවාද යන්න පිළිබඳව තවත් කෙනෙකු මත පළ කර තිබිණි.

මේ අතර යුක්රේනයේ ඉස්මයිල්හි පුද්ගලයෙකු ජුලි 14දා තවත් හඳුනා නොගත් ආකාශ වස්තුවක් නිරීක්ෂණය කර ඇති අතර ඔහුද එහි ඡයාරූප 2ක් ගැනීමට සමත්ව තිබේ.

එම පුද්ගලයා පිටසක්වළ යානා පිළිබඳ වෙබ් අඩවියකට පවසා ඇත්තෙ කිසිදු ශබ්දයක් හෝ ආලෝකයක් එයින් පිට නොවූ බවයි.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us