අන්තර්ජාලයෙන් දරු උපත විකුණන නිරූපිකාව

Published in විදෙස්
Friday, 08 August 2014 19:31

කලක් ගණිකාවක් ව සිට ජනප්‍රිය නිරූපණ ශිල්පිණියක වූ 24 හැවිරිදි "ජෝසි කනින්හැම්" සිය කුසේ සිටින දරුවා බිහි කරන අවස්තාව අන්තර්ජාලය ඔස්සේ විකිනීමට සැලසුම් කොට ඇත.

 ඇය මෙයට පෙර වඩාත් ප්‍රචලිත වූයේ නිරුපිකාවක් වීමට වෙර දරා කෘතීම ලෙස ඇයගේ පියයුරු විශාල කරගැනීම සම්බන්ධවය.

ඇය තමාගේ දරු උපත සල්ලි හොයන උල්පතක් කරගෙන ඇති අතර දරු උපත විවිදාකාරයෙන් විකිනීමට මේවනවිටත් කටයුතු යොදා තිබේ.


 මිල අධිකම අවස්තාව


එහි මිල අධිකම අවස්තාව වනුයේ ඇයට දරු උපත සිදුවන අවස්ථාවේ ඇයගේ ඇඳ අසල වෙන් කරනු ලැබූ ආසනයි. මෙවන් ආසන හතරක් ඇති අතර එක් ආසනයක් අලෙවි කරනු ලබනුයේ පවුම් 30,000 ක මුදලකටයි. එම ආසනය මිලදී ගත පුද්ගලයාට ඇගේ දරු උපත සිදුවන අවස්ථාවේ ඒ අසල සිට  එය නැරඹීමට අවස්තාව හිමිවේ.

 එම ආසන හතරට පවුම් 200 බැගින් ටිකක්ට් පත් 50 ක් අන්තර්ජාලයේ ඇය විකුණනු ලබන්නේ ඇගේ දරු උපත සජීවී ලෙස ස්කයිප් ඔස්සේ විකාශය කිරීම සඳහාය.


එයින්ද නොනැවතී දරුවා බිහිවූ පසු සිය වැදෑමහ වැඩිම ඉල්ලුමට විකුණා දැමීමටද මෙම නිරූපිකාව තීරනයකොට තිබේ.

 
ඇගේ මෙම ටිකට් පත් වලට හොඳ ඉල්ලුමක් ලැබී ඇතිඅතර ඇගේ ඇඳ අසල ආසන හතරම විකිණී ගොස් තිබේ. අන්තර්ජාලය තුල 50 දෙනෙකුට ටිකට් අලෙවි කිරීම ආරම්භ කොට විනාඩි කිහිපයක් ගතවීමට මත්තෙන් ටිකට් පත් හතරක් විකිණී ඇත.


ඇය ට්විටර් ඔස්සේ විමැස තිබුනේ ඇය සිදුකරන මෙම ක්‍රියාව නීති විරෝධීද යන්නයි.

(නෙත් එෆ් එම් )

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us