රෝහලක් සොයා කිලෝමීටරයක් දියඹ තරණය කළ අම්මා

Published in විදෙස්
Friday, 08 August 2014 14:39

තම ගමේ දරු ප්‍රසූතිය සඳහා සුදුසු රෝහලක් නොතිබූ නිසා දරුවා මාස නමයක ගැබි‍ණි මවක් ඉන්දියාවේ ක්‍රිෂ්ණා ගඟ හරහා කිලෝ මීටරයක පමණ දුරක් පිහිනා ගොඩ බිමට පැමිණ ඇතැයි ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 

22 හැවිරිදි ඇය නමින් යෙලෙව්වාය.

බැංගලෝරයේ සිට කිලෝ මීටර 400ක් ඈතින් යඩ්ගාර් දිස්ත්‍රික්කයේ ක්‍රිෂ්ණා ගඟ මැද පිහිටි දූපතක ඇයට තමන් සිටින දූපතේ සිට ගොඩබිමට යා හැකි එකම මාර්ගය පහුරක් පමණි. 

මෝසම් වැසිවලින් ප්‍රච‍ණ්ඩ වූ ගඟේ පහුරකින් යා නොහැකි වීම නිස ඇය මෙලෙස  එගොඩට පීනා ගිය බව පවසයි. 

‘‘ මට මගේ දරුවා ආරක්ෂා සහිතව ලැබීමට වුවමනා වුණා. ගමේ වෛද්‍ය මධ්‍යස්ථානයක් නොතිබූ නිසා දරුවා ගෙදරදී බිහිකරන්න වේයැයි බිය වුණා. මෝසම් වැස්ස සමග ගඟ ප්‍රචණ්ඩ වන නිසා මට පහුරකින් එගොඩට යා නොහැකි වනවා. ඒ නිසා මා පිහිනා ගොඩට ආවා. “

ගම්වාසීන් සහ වෛද්‍යවරුන් පවසන්නේ ඇගේ පිහිණීම විශ්මය ජනක බවයි. ඇය ගඟ හරහා පිහිනා ඇත්තේ ගඟේ ජල මට්ටම අඩි 12 සිට අඩි 14 දක්වා වැඩි වී තිබිය දී ය. ගඟ එවැනි තත්ත්වයක තිබිය දී පිහිනීමට පළපුරුදු අයකු පවා මෙලෙස පිහිනා නොයන බව ගැමියෝ පවසති.

‘‘දරුවා සම්බන්ධයෙන් තිබූ අධිෂ්‍ඨානය මගේ බය දුරු කළා. මගේ සහෝදරයන් සහ පියා මට උදව් කළා. ඔවුන් වේලුණු කුහර සහිත වට්ටක්කා ගෙඩි සහ ලබු ගෙඩි එකට ගැට ගසා ඒවා මගේ බඩ වඩා එල්ලුවා. දිය මත පාවීමේ දී එය මට විශාල රුකුලක් වුණා. මගේ සොහොයුරා ඉදිරියෙනුත් පියා පිටුපසිනුත් මට ආරක්ෂාව දෙමින් පිහිනුවා. කෙසේ වෙතත් මේ ගමනට පැයක පමණ කාලයක් ගතවුණා. ‘‘

ගඟ දිගේ පිහිනා ආ ඇය දැන් රෝහල අසළ ම ඥාති නිවසක සුවෙන් පසුවෙන්නීය.

රෝහලේ වෛද‍්‍යවරිය මෙසේ කියයි. 

‘‘ මා මේ රෝහලේ වසර හතක් සේවය කළා. වරින් වර ඇතැම් අය පිහිනා ගොඩට පැමිණ රෝහලට එනවා. නමුත් ගඟ හරහා පිහිනූ කාන්තාක් දුටු ප‍ළමු අවස්ථාවයි. ඇගේ විශේෂත්වය වන්නේ ඇය මාස නමයක ගැබිණියක් වීමයි. “

ඇය ඉතා නිරෝගී සුවයෙන් පසුනවන බව වෛද්‍යවරු පවසති.

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us