ගිලනුන් වෙනුවෙන් ගුවනට යන විලියම්

Published in විදෙස්
Friday, 08 August 2014 13:21
එංගලන්ත රජ පවුලේ කේම්බ්‍රිජ් ආදිපාද විලියම් කුමරු ගුවන් ගිලන් සේවාවේ කටයුතු කිරීම සඳහා කැමැත්ත පළකොට තිබේ. 
 ඒ නැ‍‍ඟෙනහිර ඇන්ග්ලියන් ගුවන් ගිලන් සේවාවේ නියමුවකු ලෙස සේවයට බැඳෙමිනි. ඔහු ලබන මස සිට ඊට අදාළ පුහුණුවීම් ඇරඹීමට නියමිතව ඇත.
 
අඩුම වශයෙන් පුහුණු කාල සිමාව වන මස 6ක් කාලයත් ඇතුළුව වසර 2ක කාලයක් වත් ඔහුට මෙම රැකියාවේ නිරතව වීමට සිදුවනු ඇත.
 
දිවා රාත්‍රී සේවාවට ද කැමැත්ත පළකර ඇති කුමරා අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ට සේවයක් කිරීම සමාජ සද්කාර්යයක් බව ද පවසා ඇත.
 
මෙය ඔහුගේ ප්‍රධාන ආදායම් මාර්ගය බව ද මහරැජිණ වෙනුවෙන් මීට අමතරව ඕනෑම සේවාවක් ඉටුකරන බව ද ඔහු තවදුරටත් පවසා තිබේ. 
 
මේ අනුව බ්‍රිතාන්‍ය රජ පවුලේ ඔටුන්න හිමි කුමාරවරු අතරින් මාසික වේතනයක් ලබන සාමාන්‍ය රැකියාවක නිරත වන පළමු පුද්ගලයා බවටද ඔහු පත් වනු ඇත.

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us