කෝටි 10ක කුඩු හා රන් ගුවන් තැපෑලේ දී ගල් වේ

Published in පුවත්
Saturday, 09 August 2014 08:28

ජංගම දුරකථන රැගෙන එන මුවාවෙන් ගුවන් තැපෑල හරහා ඩුබායි සිට ශ්‍රී ලංකාවට රුපියල් කෝටි දහයකට අධික වටිනාකමක්‌ ඇති මත්කුඩු සහ රත්රන් රැගෙන විත් ඉතා සූක්‍ෂම ලෙස මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානයෙන් පිටකර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක්‌  පැවසීය.

මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ  තැපැල් රේගු වැටලීම් අංශයේ රඳවාගෙන තිබූ පාර්සල් දෙකක්‌ ඊයේ (08 දා) විවෘත කිරීමේදීය. මෙම පාර්සල් දෙක විවෘත කිරීමේදී එතුළ තිබී ඇත්තේ කොන්ක්‍රීට්‌ ගල් කුට්‌ටි සහ පත්‍ර මිටියකි.

ඩුබායි සිට ශ්‍රී ලංකාවට මත්කුඩු සහ රත්රන් ගෙනෙන ලද ජාවාරම්කරුවන් තැපැල් දෙපාර්තමේන්තුවේ සහ රේගු වැටලීම් අංශයේ සිටින දූෂිත නිලධාරීන් සමග එකතු වී මත්කුඩු සහ රත්රන් තැපෑලෙන් පිටකර එම පාර්සල් දෙක තුළට කොන්ක්‍රීට්‌ ගල් සහ පුවත්පත් මිටියක්‌ ඇතුළත් කර ඇති බව පෙනී යන බව තැපැල් වෘත්තීය සමිති නායකයෝ රැසක්‌ පැවසූහ.

මෙම සැක සහිත පාර්සල් දෙක ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබෙන්නේ 2014 වසරේ මැයි මාසයේදීය. නමුත් මෙම පාර්සල් දෙක විවෘත කරනු ලැබුවේ අගෝස්‌තු මස 08 වැනිදාය. (ඊයේ දිනයේය)

එම නිසා වහාම මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්‌ පවත්වා රටට සත්‍යය හෙළිදරව් කළ යුතු බවද තැපැල් වෘත්තීය සමිති නියෝජිතයෝ අවධාරණය කරති.

මේ පිළිබඳව මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානයේ අධිකාරී ආර්. ඩේවිට්‌ මහතාගෙන් විමසූ විට ඒ මහතා පැවසුවේ සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්‌ පවත්වන බවයි.

පාර්සල් තුළ තිබුණේ මොනවාදැයි යන්න පිළිබඳව තමන්ට ස්‌ථිරවම ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු පැවසීය.

(දිවයින)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us