ලෙඩ හොයන්න ගිලින කැමරාවක්

Published in පුවත්
Saturday, 09 August 2014 08:47

මිනිස් සිරුරේ රෝගාබාධ නිශ්චය කර ගැනීම සඳහා බෙහෙත් කරලක ස්වරූපයෙන් කැමරා කරලක් නිපදවීමට එංගලන්තයේ රෝයල් බෝල්ටන් රෝහලේ වෛද්‍ය සලීල් සිං සමත්ව සිටී. මේ කැමරා කරල මඟින් සිරුර අභ්‍යන්තරයේ සැඟව පවතින රෝගාබාධ රැසක් සොයා ගැනීමට හැකි බව වෛද්‍යවරු පවසති.

සාමාන්‍ය බෙහෙත් කරලක් ගිලින අයුරින් මේ ක්ෂුද්‍ර කැමරාව ගිලීමෙන් පසු එය ආහාර මාර්ගය පුරා ගමන් කරමින් සාමාන්‍ය එන්ඩොස්කොපි ක්‍රමයෙන් ලබාගත නොහැකි තරම් දත්ත තොරතුරු සහ විකෘතිතා ඇත්නම් ඒවා ද වාර්තා කරන බව වෛද්‍යවරු පෙන්වා දෙති.

ලෙඩ් ආලෝකය මඟින් තත්පරයට 18 බැගින් ලබා ගන්නා ඡායාරූප සිරුරේ බාහිරින් බඳින බඳ පටයක සටහන් වේ.

මේ කැමරාව මිලිමීටර 11 ක් දිගැති කරලක් ලෙස තනා ඇති අතර බර ග්රෑම් 4 කි.

වෛද්‍ය සලිල් සිං මේ පිළිබඳ පවසන්නේ බාහිර ස්කෑන් පරික්ෂණයකින් දැකිය නොහැකි විස්තර රාශියක් සිරුරේ සැඟවී ඇති අතර ඒවා සොයා ගැනීමට කැමරාවක් ඇතුළු කිරීම මීට වසර 20 කට පමණ පෙර විද්‍යා ප්‍රබන්ධයක් වූ බවත් එය දැන් සැබෑවක් වී ඇති බවත්ය.

(සිළුමිණ-අරුණි මුතුමලී)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us