මෙම තාක්ෂණය මගින් දැනට ජීවත් නොවන පුද්ගලයෙකුගේ වුවද ත්රිමාන රුවක් සජීවීව වේදිකාවේ මැවිය හැකි වේ.
මේ සම්බන්ධව ඉදිරි වැඩ කටයුතු සඳහා ඉහලින් අනුමැතිය ලැබී ඇති අතර ඒ අනුව භාතිය සන්තුෂ් විසින් මෙයට අදාළ තාක්ෂණික උපකරණ ගෙන්වීම සඳහා දැනටමත් විදෙස් ආයතනයක් සමග සාකච්ජා පවත්වා ඇතිබව වාර්තා වේ.
භාතිය හා සන්තුෂ් විසින් දැනට සැලසුම් කොට ඇත්තේ මෙම තාක්ෂණය වේදිකා වලට රැගෙන ඒමට නොව එම තාක්ෂණය ඇසුරින් සජීවී කටවුට් නිර්මාණය කිරීමටද බවද වාර්තා වේ.
ඒ අනුව ඉහල ස්ථානයක "Hologram" දැන්වීමක් ස්ථානගත කිරීමෙන් ඒ සඳහා බොහෝ පිරිසකගේ අවධානය ගැනීම මෙම කටයුත්තෙහි අරමුණ වේ.
ඒ අනුව නෙලුම් කුලුනේ මෙම "Hologram" දැන්වීමක් සවිකිරීමට දැනටමත් සැලසුම් කර ඇතැයි ද වාර්තාවේ.
(මුලාශ්රය- gossipbook.lk )