ලිබියානු යුද්ධයෙන් පීඩාවට පත් ලාංකිකයින් 17ක් යළි දිවයිනට

Published in පුවත්
Friday, 08 August 2014 15:28
ලිබියාවේ පවතින යුධමය වාතාවරණය හේතුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 17 දෙනෙකු යළි මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පියවර ගෙන තිබේ. 
 කයිරෝහි පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් ඊයේ රාත්‍රි මෙම පිරිස දිවයිනට රැගෙන ආ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 
 
ලිබියාවේ පවතින යුධමය වාතාවරණය හේතුවෙන් පීඩාවට පත් ලාංකික ශ්‍රමිකයින් යළි දිවයිනට ගෙන්වා ගැනීම සඳහා අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇත. 
 
එම වැඩපිළිවෙළ යටතේ මෙම ශ්‍රමිකයින් පිරිස ගෙන්වා ගෙන ඇති අතර ඒ සඳහා කාර්යංශය විසින් අමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් වැය කර ඇති බව සඳහන්ය. 
 
තවත් 30 දෙනෙකුගෙන් පමණ යුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් ලිබියාවේ සේවය කරන අතර අවශ්‍ය වුවහොත් එම පිරිසද ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 
 
මේ අතර යුධමය වාතාවරණය අවසන් වන තෙක් ලිබියාවේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යැවීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ද එම කාර්යංශය සඳහන් කරයි.
 
(අදදෙරණ)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us