ක්‍රිකට් ආධිපත්‍යට ධර්මදාස සහෝදරයෝ ගැටෙති

Published in ක්‍රීඩා
Saturday, 09 August 2014 11:58
ශ්‍රී ලංකා ක්‍රිකට් ආධිපත්‍ය තහවුරුකර ගැනීමට වත්මන් ක්‍රිකට් සභාපති ජයන්ත ධර්මදාස හා හිටපු  ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස යන දෙසොහොයුරෝ සීතල යුද්ධයක පැටලී ඇතැයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මේ ගැටුමේ තීවුරම අවස්තාව ඇතිවී ඇත්තේ ජයන්ත විසින් ක්‍රීඩා සමාජ සඳහා මුදල් බෙදා දීමට ගෙනෙන ලද සැලැසුමට උපාලි විරෝධතාවය දැක්වීම නිසාය.

උපාලිට හිටපු සභාපති ලෙස ක්‍රිකට් විධායක කමිටුවේ අසුන්ගත හැකි වේ.

කෙසේවවුද ඔහු පසුගිය කාලයේදීම එහි සාකච්ඡා සඳහා සහභාගිවී නොමැති අතර ජයන්ත ක්‍රීඩා සමාජ සඳහා මුදල් බෙදාදීමේ සැලැසුම ඉදිරිපත් කළ වහාම උපාලි ඊට විරෝධය දක්වා ක්‍රිකට් විධායක කමිටුවට ලිපියක් යොමුකර තිබේ.

මේ ලිපිය වත්මන් ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංගගේ උපදෙස් මත සිදුවූවක් බවද මේ අතර වාර්තා වේ.

නිශාන්ත හා ජයන්ත අතරද පසුගිය කාලයේ දැඩි මත ගැටුමක් සිදුවූ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැදිහත්ව එය මේවන විට සමනය කර තිබේ.

කෙසේවුවද මේවන  විට ක්‍රිකට් ආයතනය අභ්‍යන්තරයේ කල්ලි දෙකක් ක්‍රියාත්මක බවද පැවසෙන් අතර ඉන් එක් කල්ලියක් ජයන්ත මහතාට සහය දක්වන අතරේ අනෙක් පාර්ශවය නිශාන්ත මහතාට සහය දක්වනු ලබයි.

පසුගිය කාලයේ මෙහි වැඩි බලය තහවුරුකරගෙන සිටි නිශාන්ත පාර්ශවය මේවන විට දුර්වල වී ඇති බවද පැවසේ.

නිශාන්තට සහය දක්වන්නන් අතර තිලංග සුමතිපාල මහතාගේ ආධාර ඇතිව ක්‍රිකට් ආයතනයට තේරී පත්වූ මොහාන් ද සිල්වා මහතාද සිටින බව වාර්තා වේ.

මේ අතර, ජයන්තගේ මුදල් බෙදීමේ යෝජනාවට විරෝධය දක්වා ලිපියක් එවන ලද උපාලිගේ විරෝධයට විරෝධය දක්වා විධායක කමිටු සාමාජික ශම්මි සිල්වා ලිපියක් යොමුකර ඇති බවද වාර්තා වේ.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us