දස වසරකට පසු සුනාමි දැරිය හමුවේ!

Published in පුවත්
Saturday, 09 August 2014 09:34

2004 දෙසැම්බර් මස 26 වැනිදා ශ්‍රී ලංකාවටත් දැඩි බලපෑමක් ඇති කරමින් දකුණු හා අග්නිදිග ආසියානු කලාපයේ ඇති වූ සුනාමි අනතුරින් අතුරුදන් වූ ඉන්දුනීසියානු දැරියක් වසර 10කට පසුව නැවත හමුවීමේ සුවිශේෂී සිදුවීමක් වාර්තා වෙයි.

එවකට හතරවැනි වියෙහි පසුවූ රවුධාතුල් ජානා නම් වූ ඇය සිය හත් හැවිරිදි සහෝදරයා සමග සුනාමි ජලයේ ගසාගෙන යද්දී දෙමාපියන්ගෙන් වෙන්වී තිබූ අතර, එවකට ඔවුහු බටහිර අචේ ප්‍රදේශයේ ජීවත්ව සිටියහ.

ජානාගේ මව වන ජමාලියා පවසන්නේ තමන් හා ස්වාමියා සුනාමියෙන් දිවි ගලවාගත්තත් දරුවන් දෙදෙනා කොතෙක් සොයා සිටියද ඔවුන් හමු නොවූ බවයි.

අනතුරුව සුනාමියට හසුවූ දරුවන් මිය යන්නට ඇති බව අකමැත්තෙන් වුවද ඔවුන්ට විශ්වාස කිරීමට සිදුව තිබේ.කෙසේ වෙතත් පසුගිය ජූනි මාසයේදී ජමාලියාගේ සහෝදරයෙකු විසින් තම නැගෙනියගේ දියණියගේ හැඩරුව ඇති දැරියක දැකීමෙන් පසු ඇය සොයාගොස් ඇත.

ඒ 2004 සුනාමියෙන් අතුරුදන් වූ සිය නැගෙනියගේ දියණිය බව ඔහු සැකහැර හඳුනාගෙන ඇත.

(අද )

tsunami1

tsunami2

Last modified on Saturday, 09 August 2014 09:41

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us