ණය බරින් මිදෙන්න බිළිඳිය රු.30,000කට විකුණලා

Published in පුවත්
Saturday, 09 August 2014 16:15

මුද්දරයක් මත අත්සන් කර ලිපියක් මගින් රු. 30000 කට මාස 06 ක බිලිඳියක් විකිණීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනෙකු සපුගස්කන්ද ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් එක් කාන්තාවක බිලිඳියගේ මව වන අතර ඇය හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වේ.

ඇය මාකොල ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණි අවස්ථාවේදී අතරමැදි කාන්තාවක මාර්ගයෙන් බිලිඳියව රුපියල් 30,000 කට විකුණා ඇති අතර ගණුදෙනුව කිරීමේ දී සාක්ෂියක් ලෙස ලිපියක් ලියා මුද්දරයක් මත අත්සන් කර ඇතැයි ද ‍පොලීසිය කියයි.

පසුව බිලිඳාව රුපියල් ලක්ෂ දෙකක් වැනි ඉහළ මිලකට නැවත විකිණීමේ බලා‍පොරොත්තුවෙන් බිලිඳු දැරිය මිලටගත් කාන්තාවගෙන් ආපසු ඉල්ලා ඇති අතර එහිදී එම කාන්තාව විසින්  බිලිඳිය ආපසු භාර දීම  ප්‍රතික්ෂේප කර ඇත. එහිදී  ඇතිවූ ආරවුල ‍පොලීසියට වාර්තා වීමෙන් පසුව සැකපිට කාන්තාවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත.

දැරිය විකිණු මෙම 32 හැවිරිදි කාන්තාවට තවත් දරුවන් තිදෙනෙකු සිටින බවත් අධික ණය බර හා  දරිද්‍රතාව නිසා බිලිඳිය විකුණා ඇති බවත් බිලිඳියව මිලට ගත් කාන්තාව 50 වියේ පසුවන දරුවන් නොමැති කාන්තාවක බවත් ‍පොලීසිය කියයි. ‍‍‍

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us