දේශද්‍රෝහීන් වූ රාජද්‍රෝහීන් ගැන කියන 'භවතරණ'

Published in කලා
Saturday, 09 August 2014 15:57

යොවුන් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන දේවින්ද කෝන්ගහගේගේ කුළුදුල් සිනමා නිර්මාණය වන භවතරණ සිනමා සිත්තමේ වැඩ මේවන විට නිමවී ඇත.

බුදු දහම හා දේශපාලනය අතර සමීප සම්බන්ධයක් ඇතැයිද, එය අදත් එලෙසම පවතින්නේ යැයි ද ඒත් වර්තමානයේ ඒ ගනුදෙනුව වෙනස් බව පෙන්වීම පාදක කරගනිමින් මේ සිනමා පටය නිර්මාණය වී තිබේ.

කෙසේවුවද බුදු දහමෙන් දේශපාලනය යැපුණද, බුදු දහමට  අතකොළුවක් විය නොහැකි බවද බුදු දහමට දේශපාලනයක් නොවන බවද පෙන්වීමට තමා මෙහි සිනමා රූපන යොදාගත් බව එහි අධ්‍යක්ෂ දේවින්ද අප සමඟ කියා සිටියේය.

භවතරණ රාජපුත්‍ර ප්‍රඩක්ෂන් හි නිෂ්පාදනයක් වන අතර ක්ෂේත්‍රීය ෆිල්ම්ස් හි ඉදිරිපත් කිරීමකි.

මෙහි නිළි රැජින මාලිනී ෆොන්සේකා, ශ්‍රියන්ත මෙන්ඩිස්, රොෂාන් රවින්ද්‍ර, උදයන්ති කුලතුංග, රොෂාන් පිලපිටිය, ශ්‍රී මාල් වෙඩිසිංහ, දීපානි සිල්වා, නිලන්ති විජේසිංහ, මහේන්ද්‍ර පෙරේරා, කාංචනා මෙන්ඩිස්, චන්දික නානයක්කාර, රිචඩ් මානමුදලි, සංඛේත් වික්‍රමගේ, බුද්ධි වික්‍රම, කාංචන කොඩිතුවක්කු, අසේල ජයකොඩි හා ඇලෙක්ස් ප්‍රනාන්දු ඇතුළු පිරිස ප්‍රධාන භූමිකා රඟති.

නවරත්න ගමගේගගේ සංගීත අධ්‍යක්ෂණය මුහුව ඇති බවතරණ හි ගීත දෙකක පද රචනය සිදුකර ඇත්තේද එහි අධ්‍යක්ෂ දේවින්ද විසිනි.

ඒ ගීතදෙක සංගීතවත් කර ඇත්තේ ජගත් වික්‍රමසිංහය.

මේ සිනමා පටයේ පශ්චාත් නිෂ්පාදන අධීක්ෂණය ප්‍රවීන් ජයරත්න විසින් සිදුකර තිබේ.

සිනමා පටය පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වමින් දේවින්ද  මෙසේ ද පැවසීය.

''එදා උන්නු අය අද නෑ .අද ඉන්න අය හෙට නෑ. ඉතුරු වෙන්නෙ ඒ අය කරන කියන දේයි, ඒයින් සමාජයට ඇතිවෙන හෙඳ නරක බලපෑමයි විතරයි.
යුග පුරුෂයන් බිහිවෙන්නෙ යුගයේ උවමනාවට. සමාජයේ උවමනාවට. දේශපාලනයේ උවමනාවට. ඒ යුග පුරුෂයන් ඇතිවෙන්නෙත් නැතිවෙන්නෙත්
ඒ අයගෙ කල්කි‍්‍රයාවෙන්........''

දේවින්ද කෝන්ගහගේ ටෙලිවිෂනයෙන් සිය නිර්මාණ කාර්්‍යය අරඹා මේ වනවිට සිය ප‍්‍රථම සිනමා නිර්මාණය වූ භවතරණ ප‍්‍රදර්ශණය කිරීම සඳහා සූදානම් ව සිටී. ඔහුගේ ප‍්‍රථම සිනමා නිර්මාණයේ විශේෂ පූර්ව දැක්ම සහ මාධ්‍ය හමුවක් මාධ්‍යවේදීන් සඳහා පමණක් මෙම මස 09වන දින සවස 3.00ට ජාතික චිත‍්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

Last modified on Saturday, 09 August 2014 16:06
=qZ--_OYOCsQ

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us