News Items (18842)
ජවිපෙ නායකයාගේ සුව දුක් බැලීමට යාමට හිතුනා නමුත්, හරෝලා එවයි කියලා හිතුන බිය නිසා නොගිය බව අමාත්‍ය විමල් විරවංශ මහතා පැවසිය.
අතිඋත්තම ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් ලබන වසරේ ජනවාරි 12දා සිට 15දා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරතවන බව වතිකානයේ මාධ්‍ය කාර්යාලය ඊයේ 29 නිවේදනය කළ බව ජාතික කතෝලික ජනසන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ සිරිල් ගාමිණී පියතුමා සඳහන් කරයි.
ඊශ්‍රායලය විසින් ගාසා තීරයට රාත්‍රී කාලයේ විශාල වශයෙන් එල්ල කරන ලද ෂෙල් ප්‍රහාරවලට ලක් වීමෙන් පලස්තීන ජාතිකයන් හැට දෙනෙකුවත් මරණයට පත් වී තිබේ.
රට පුරා වෙසෙන මුස්ලිම් ජනතාව රාමසාන් උත්සවය සමරන අතරතුර නැගෙනහිර පළාතේ මුස්ලිම් ජාතිකයෝ ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කෙරෙන ප්‍රහාර හෙලා දකිමින් ඊට විරෝධය පල කර උද්ඝෝෂණයේ යෙදෙති.
රටක් හිනැස්සවූ සුනිල් හෙට්‌ටිආරච්චි කලාකරුවා මේවනවිට සිටින්නේ රෝගාතුරවය. වසර හතරකට ආසන්න කාලයක් පාකින්සන් රෝගී තත්ත්වයෙන් සුනිල් හෙට්ටිආරච්චි පෙළුණු බව ඔහුගේ දූ දරුවන් මාධ්‍යයට පවසා තිබුණි.
පසුගියදා අවසන්වූ ෆිෆා පාපන්දු තරගාවලියේ උණුසුම තවමත් තිබෙන නිසා නොම්මර දහය ගැනද කතා කළ යුතුය. ලොව එතෙක් මතෛක් බිහිවූ සුපිරි පාපන්දු ක්‍රීඩකයින් අතරින් බහුතරය තරගවලදී සැරසී සිටියේ හා වර්තමානයේ සිටින්නේ නොම්මර දහය දරන කමිසවලිනි.
පසුගියදා අත්අඩංගුවට ගෙන මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදා බාරයේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට අගෝස්තු පළමුවනදා වනවිට පියවර නොගතහොත් ඊට පසුදින විරෝධතා යාත්‍රා පෙළකින් ශ්‍රී ලංකාව බලා පැමිණෙන බව තමිල්නාඩු ධීවරයින් පවසයි.
ඕමානයේදී අරාබි ජාතික හාම්පුතාගේ අතවරයට ලක්ව එරට ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ 'සුරක්ෂා'නිවසේ රඳවා සිටින තම බිරිඳ ඉතා ඉක්මනින් ශ‍්‍රී ලංකාවට ගෙන්වාදෙන ලෙ ඉල්ලමින් අම්පාර ප‍්‍රදේශයේ පුද්ගලයෙකු ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ඊයේ (28)දා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කතරගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අශෝක වික්‍රමසිංහ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයට එකතු වී තිබේ.
ලංකාවේ හෙරෝයින් ජාවාරමට ආණ්ඩුවේ දේශපාලනඥයින් සම්බන්ධ බවත් ඒ මාර්ගයෙන් කුඩු ප්‍රවාහනය හා බෙදාහැරීම සිදුවන බවත් එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් .පී.පෙරේරා අද (29) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පැවසීය.
