වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සදහන් කොට සිටියේ ආණ්ඩුවේ දේශපාලකයින් මෙයට සම්බන්ධ බවට මේ ආණ්ඩුවේ අගමැති තුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරනු ලැබූ බවත්, එමෙන්ම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් කොලොන්නාවේ කුඩු ජාවාරම කරන්නේ කවුද කියලා දන්නා බවත් පවසා සිටි බවත්ය.
එමනිසා මේ අයගෙන් ප්රකාශනයන් ලබාගෙන කටයුතු කරන්න යැයිද ඔහු පෙන්වා දෙයි.
මෙම ව්‍යාපාරය ආණ්ඩුවට සම්බන්ධ දේශපාලනඥයින්ගේ පාස්පොට් පාවිච්චි කොට ක්‍රියාත්මක වෙන එකක් බවද රට තුළ ප්‍රවාහනය රාජ්‍ය නිලධාරීන් මාර්ගයෙන් සිදුවන බවද වැඩිදුටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.