අමතක නොවන නොම්මර දහය

Tuesday, 29 July 2014 20:52

පසුගියදා අවසන්වූ ෆිෆා පාපන්දු තරගාවලියේ උණුසුම තවමත් තිබෙන නිසා නොම්මර දහය ගැනද කතා කළ යුතුය. ලොව එතෙක් මතෛක් බිහිවූ සුපිරි පාපන්දු ක්‍රීඩකයින් අතරින් බහුතරය තරගවලදී සැරසී සිටියේ හා වර්තමානයේ සිටින්නේ නොම්මර දහය දරන කමිසවලිනි.

10-15මේ නොම්මර දහයේ කතාව කෙසේ ඇතිවූවාදැයි නිශ්චිතව කිව නොහැකි වුවද කණ්ඩායමේ හොඳම ක්‍රීඩකයාට නොම්මර දහය දරන කමිසය අඳින්නට ලැබෙන බවද මේ නොම්මර දහයට ඔවුන් තුළ ඇති උපරිම දක්ෂතා පිටතට ගෙනෙන්නට හැකි බවටද විශ්වාසයක් වෙයි. එතෙක් මෙතෙක් බිහිවූ සුපිරිතම පාපන්දු ක්‍රීඩකයින් තිදෙනා වන පේ‍ලේ, සිනෙඩින් සිඩෑන් හා දියාගෝ මරඩෝනා ද සැරසුණේ නොම්මර දහය දරන කමිසවලිනි.

 

අපූරු සිදුවීමක්:

1958 ලෝක පාපන්දු තරගාවලිය තුළදී අපූරු සිදුවීමක් විය. බ්‍රසීල කණ්ඩායමේ නම් ෆිෆා බලධාරීන් වෙත යැවූ බ්‍රසීල ක්‍රීඩා බලධාරීන්ට ඔවුන්ගේ නොම්මර යවන්නට අමතක විය. නිශ්චිත නොම්මර නැතිව තරගාවලිය පැවැති ස්වීඩනය වෙත ගිය ඔවුන් සහභාගි වන පළමු තරගය ආරම්භ වන්නට පෙර එරට ක්‍රීඩා නිලධාරියෙක් තම දැනුමේ හැටියට නොම්මර බෙදාගෙන ගියේය. අතට ආ නොම්මර දහය ඔහු කලින් දැක නුපුරුදු වයස අවුරුදු දහහතක්වූ අලුත් ක්‍රීඩකයෙකුට දුන්නේය.


එවර ලෝක කුසලානය බ්‍රසීලයට හිමිවිය. නොම්මර දහය පැළඳගෙන ක්‍රීඩා කළ අලුත් කොලුගැටයා පේ‍ලේ නමින් පසුකලෙක ලොව ප්‍රකට විය.


නොම්මර දහයේ විශ්වාසය මෙන්ම පාපන්දු ක්‍රීඩාව තුළ අංක සම්බන්ධ විවිධ විශ්වාසයන් වෙයි. මුල් කාලයේදී විශ්වාසය වූයේ ඉදිරි පෙළ ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට නොම්මර එකේ සිට පහ දක්වා වැනි ඉදිරි නොම්මර ලැබිය යුතු බවය. මුල් කාලයේදී නොම්මර එක නිතරම ලැබුණේ දැල රකින්නාටය. කලක සිටම ඉදිරි පෙළ හා මැද පෙළ ක්‍රීඩා කරන්නන්ට නොම්මර දහය ලැබෙන අතර මේ අය පි‍ලේ දක්ෂතම ක්‍රීඩකයින් අතර සිටින්නකු වීමද සලකා බැලෙයි.

 

10-3

නොම්මර දහය සෙවීම

පසුගිය දිනවල ලෝක කුසලාන තරගාවලිය ගැන කතා කරද්දී නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පළ කළ ලිපියක සිරස්තලය වූයේද “සර්චින් ෆො නම්බර් 10 (නොම්මර දහය සෙවීම) යන්නයි. නොම්මර දහය පාපන්දු පිලට සිටින හොඳම ක්‍රීඩකයා බවට ඇති විශ්වාසය මින් තහවුරු වෙයි. 2014 ෆිෆා තරගාවලියේදී ඇමෙරිකාව තම පාපන්දු කණ්ඩායම සහභාගිවූ තරගවලදී නොම්මර දහයේ ක්‍රීඩකයෙකු ඉදිරිපත් නොකිරීම ගැනද මෙම ලිපියෙන් විවේචනයට ලක්කෙරෙන අතර ඇමෙරිකාව තරගාවලියෙන් ඉවත් වන්නට හේතුව එය බව නොකියා කියැවිනි. නොම්මර දහය සඳහා පිටියට යවන්නට සුදුසු ක්‍රීඩකයින් දෙදෙනකුම සිටියදී ඔවුන් නොයැවීම ගැන ඇමෙරිකානු පි‍ලේ පුහුණුකරුට බලවත් ලෙස ලිපිය මගින් දොස් නගා තිබිණි.


නොම්මර දහය පාපන්දු ක්‍රීඩාවට අනුව නිකම්ම නොම්මරයක් පමණක් නොවේ. තරගය නරඹන්නෙකුට ජීවය ගෙනදෙන තරගයේ බලවේගය වන්නේ මේ නොම්මර දහයයි. පාපන්දු තරගයක් නරඹන්නෙකුට නොම්මර දහය දරන කමිසයක් ඇඳ සිටින ක්‍රීඩකයෙක් දකින විට ඒ ඉන්නේ තරගයේ ජය පරාජය තීරණය කරන්නා බවට හැඟීමක් ඇතිවෙයි. නොම්මර දහය හොඳින් ක්‍රීඩා කළොත් තරගය අදාළ පිල ජයගන්නා බවට හා නොම්මර දහය අසාර්ථක වුණොත් එය තරගයේ පරාජයට බලපාන බවට හැඟීමක් ප්‍රේක්ෂකයින් තුළ ඇතිවෙයි.

 

10-6


පාපන්දු ලොව බිහිවූ විශිෂ්ඨතයින්:


පාපන්දු ලොව එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ඨතයින් සැරසී සිටියේ මේ අභිමානවත් නොම්මර දහයේ කමිසවලිනි. මෙවර තරගාවලිය තුළද මෙසී, නෙයිමාර්, හැමෙස් රොඩ්රිගස්, වේන් රූනි, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, කරීම් බෙන්සෙමා, වෙස්ලි ස්නයිඩර් හා ලුකස් ‍පොඩොල්ස්කි වැනි සුපිරි ක්‍රීඩකයින් සැරසී සිටියේ නොම්මර දහයෙනි.


අතීතයේදී කාකා, රොනාල්ඩිනෝ, මයිකල් ඔවෙන්, රොබර්ටෝ බැගියෝ (ඉතාලියේ එතෙක් මෙතෙක් බිහිවූ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා) හා ලැන්ඩන් ඩොනොවන් වැනි පාපන්දු ලොව කිරුළු දැරූ ක්‍රීඩකයින්ද නොම්මර දහයට හිමිකම් කියූ අයයි. නොම්මර දහය ඇතැම් තරගවලදී අදාළ ක්‍රීඩකයින් හට වාසනාව ගෙන නොදුන් බවද, ඇතැමෙකුට වාසනාවන්ත වූ බවද මෙහිදී සිහිපත් කළ යුතුය.

 


පේ‍ලේ නොම්මර දහයේ කමිසයෙන්:


10-8නොම්මර දහය දක්ෂතම ක්‍රීඩකයින්ට අයිති බවට විශ්වාසය ගොඩනැගුණේ පාපන්දු ලොවේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතමයා ලෙස සැලකෙන පේ‍ලේ නොම්මර දහයේ කමිසයෙන් සැරසී සිටීම නිසා බවටද මතයක් වෙයි. පේ‍ලේ මෙන්ම මරඩෝනා සැරසුණු නොම්මර දහය ඔවුන්ට ගරු කිරීමක් ලෙස පි‍ලේ දක්ෂතම ක්‍රීඩකයින්ට වෙන් කිරීම සම්ප්‍රදායක් වූ බවටද විශ්වාසයක් තිබේ. මේ දෙදෙනා අනුකරණය කරන්නටවූ යොවුන් ක්‍රීඩකයින් ඔවුන්ගේ අන් හැම විලාසිතාවකටම මෙන් නොම්මර දහයටද ප්‍රිය කරන්නට වූහ.


නොම්මර දහය කමිසයෙන් සැරසෙන්නට ලැබිම අදාළ ක්‍රීඩකයාට ගෞරවයක්ද වෙයි. ඒ අතරම නොම්මර දහය අදාළ ක්‍රීඩකයාට දැඩි පීඩනයක් ගෙනදෙන්නක්ද වන්නේ තරග නිවේදකයින්, විචාරකයින් මෙන්ම ප්‍රේක්ෂකයින්ගේද උකුසු ඇස ඔවුන් පසුපසම ලුහුබඳින බැවිනි.


නොම්මර දහය මෙන්ම වෙනත් ඕනෑම නොම්මරයක් ක්‍රීඩකයින්ට ලබාදීම සම්ප්‍රදායක් මිස තරග නීතිවලට අනුකූලව කෙරෙන්නක් නොවන බවද මෙහිදී කිව යුතුය. තමාට අවශ්‍ය නොම්මරය කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ලබාදීමේ අයිතිය පුහුණුකරු ඇතුළු බලධාරීන්ට තිබේ.

(නිශානි දිසානායක)

10-10

 

10-12

10-13

10-14

10-1

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us