එමෙන්ම ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රජයට බලකරන ලෙස ඉල්ලා ඉන්දීය මධ්‍යම රජය දැඩි ක්‍රියාමාර්ගයක නිරත විය යුතු බව ඉන්දීය ධීවර සංගම් නායකයින් පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම පිළිබඳ විරුද්ධත්වය පළ කිරීම සඳහා රාමේෂ්වරම් සහ මණ්ඩපම් ප්‍රදේශවල ධීවරයින් දින 4ක කාලයක් රැකියාවේ නිරත වී නොමැති බව වාර්තා වේ.
මේ හේතුවෙන් දිනකට විශාල මූල්‍යමය පාඩුවක් සිදුව ඇති බවත් 20,000ක පමණ පිරිසකට තම ජීවිකාව අහිමි වී ඇති බවත් ඔවුන් දැඩි ණය බරින් පීඩා විඳින බවත් ඉන්දීය ධීවර සංගම් පෙන්වාදී ඇත.
මේ සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජයේ අවධානය යොමුකිරීම සඳහා නවදිල්ලි නුවරට ධීවර නායකයින් ඇතුළු තමිල්නාඩු අමාත්‍යවරුන් පිරිසක් යොමුකළ යුතු බව ඔවුන් කියයි.
ඒ සඳහා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් කටයුතු කළ යුතු බව ද ඉන්දීය ධීවර සංගම් පෙන්වාදෙයි.