වාහනයක අංක එකතුව 13 නම්, හොර නොම්බරයක්‌

Published in පුවත්
Tuesday, 29 July 2014 08:02

'' සෑම වාහන අංක 10,000 කටම ලියාපදිංචි නොමැති අංක 488 ක්‌ තිබෙනවා. ඒ අංකවල විශේෂ ලක්‍ෂණයක්‌ තිබෙනවා. එකතුව 13 යි. තමුන්නාන්සේලා යන එන කොට බලන්න වාහනවල අංක වල එකතුව 13 නම් ඒක හොර නොම්බරයක්‌. ඒ වාහනය තුළ මැරකල්ලි ඉන්නවා, ඔබව අතුරුදන් කරන්න පැහැර ගෙන යන්න පමණක්‌ නොවේ ඔබව ඝාතනය කරන්න වුණත් පුළුවන් යෑයි ශ්‍රී ලංකා නීති සංගමයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කෑගල්ලේ පැවැති, 'නීතියේ ආධිපත්‍ය සුරකිමු' නමින් මහජන සභාව අමතා පැවසීය.

මෙම මහජන සභාව කෑගල්ල තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී තවදුරටත් කථා කළ උපුල් ජයසූරිය මහතා මා පසුපසින් ආ වාහන දෙකෙහිම නොම්බර තිබුණා. බොරු නොම්බරයක්‌ නොවෙයි නොම්බරය ලියාපදිංචි වී නැහැ. මෙය මොන තරම් භයංකර තත්ත්වයක්‌ද පොලිසිය කියනවා අංක 13 එන ඒවා ලියාපදිංචි කර නැහැ කියා.

සෑම වාහන 10,000 කට මෙවැනි අංක 488 ක්‌ තිබෙනවා. මේ අංකවල එකතුව 13 යි. මේවා ලියාපදිංචි කරන්නේ නැහැ. මේවා කොහොමද අධි ආරක්‍ෂිත කලාපයට එන්නේ. මේවා මෙහෙම නම් රටේ ආරක්‍ෂාව මොකක්‌ද? මේ අංක ගැන පොලිසිය වත් දන්නේ නැහැ.

නීතියේ ස්‌වාධිපත්‍ය ගැන අපි නිතරම කථා කරනවා. නීතිඥයෝ හැටියට නීතියේ ස්‌වාධිපත්‍යය කියන්නේ මොකක්‌ද? රටක තියෙන නීතිය අද ක්‍රියාත්මක නොවීමයි අද නීතියේ ආධිපත්‍ය කඩා වැටිලා. පෑල දොරින් ඉවත්ව ගිහිල්ලා. නීතිය එක සමානව සියලු දෙනාටම එකසේ බලපෑ යුතුයි. දේශපාලනයේ තරහකාරයින්ට පමණක්‌ බලපාන නීතියක්‌ රටක තියෙන්න බැහැ. තියෙන නීතිය ක්‍රියාත්මක නොවෙනවා නම් ඒ නීතියෙන් ඇති වැඩක්‌ නැහැ.

මේ 17 වන ව්‍යවස්‌ථා සංශෝධනය තමයි ඓතිහාසික ව්‍යවස්‌ථා සංශෝධනය. ඇයි මේ ව්‍යවස්‌ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරු කැමැත්ත පළකළා නමුත් කිසිම හැල හොල්මනක්‌ නැතිව 18 වන සංශෝධනය ගෙනැල්ල 17 වන සංශෝධනය කරණපිට හැරෙව්වා. ව්‍යවස්‌ථා සභාව අයින් කළා. අර පෙරකී සියලුම කොමිෂන් අයින් වුණා. 17 වන සංශෝධනය ගෙනාපු අවස්‌ථාවේ ඉතා ගරු ගාම්භීර ලෙස අතඋස්‌සලා ඡන්දය දීපු මන්ත්‍රීවරු 18 වන සංශෝධනයෙන් 17 වන සංශෝධනය අහෝසි කළා එය ජාතියේ අවාසනාවක්‌. ඒ නිසයි අද මතයක්‌ ගොඩනැගී තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කීය.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමරකීර්ති ලියනගේ, ධර්මසේන පතිරාජ, ජෝශප් ස්‌ටාලින්, මහාචාර්ය නිර්මාල් පීරිස්‌ ආදී විද්වත්තු සභාව ඇමතූහ.

Last modified on Tuesday, 29 July 2014 08:07

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us