ඉරාජ්ගේ ගීතයට සිරිමාවෝ බාලිකාවේ විරෝධය

Published in පුවත්
Friday, 01 August 2014 11:25

රග්බි ක්‍රීඩාව ප‍්‍රවර්ධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමග සිරිමාවෝ බණ්ඩානායක විදුහලේ වැඩමුළුවට ගිය  ගායක ඉරාජ් වීරරත්න අවසානයේදී ගැයූ ගීතයකට එහි පාලනාධිකාරියෙන් බලවත් විරෝධයක්  පලවී ඇතැයි වාර්තා වෙයි.

"Sweety Manika ( උම්මා උම්මා )"  ආදී පාසැලකට නොගැලපෙන වචන සහිතව  එම ගීතය ගායනා කරද්දී නාමල් රාජපක්ෂ වේදිකාව මතටවී නැටීමට පටන්ගෙන තිබේ. නැටීමට වේදිකාවට එන්නැයි සිසුවියන්ට ඉරාජ් වීරරත්න පවසා ඇත. එවිට සිසුවියන් සහ ගුරුවරියන් ඊට දැඩි විරෝධයක් දක්වා තිබේ.

නාමල් රාජපක්ෂ මහතා මේ දිනවල කොළඹ පාසල් කිහිපයක වැඩමුළු පවත්වමින් සිටී.

ඒ යටතේ ඊයේ දිනයේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහලටත්, විශාකා විද්‍යාලයටත්, සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේත් මෙම වැඩමුළු පවත්වා ඇත.

ඩී.එස් සේනානායක විද්‍යාලයේ හා විශාකා විද්‍යාලයේ මෙම වැඩමුළු කිසිදු බාධාවකින් තොරව පවත්වා ඇත.

සිරිමාවෝහිදී ඉරාජ් විසින් ගීත දෙකක් ගායනාකොට ඇති අතර ඉන් එක් ගීතයක් වන්නේ "සිංහ සෙයියාවෙන්" ගීතයයි. 

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us