යුරෝපිය දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් සමඟ දකුණු අප්‍රිකාවේ In Transformation Initiative (ITI) යන රාජ්‍ය නොවන සංවිධානය මෙරට රජයේ නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව දෙමල ඩයස්පොරා සංවිධාන අතර ගැ‍ටුම් උග්‍ර අතට පත්ව තිබෙන බව වාර්තාවේ.

කැබිනට් අනුමැතිය හිමිවූ විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීන්දුව පාර්ලිමේන්තුව විසින් ගත යුතු බවට අද (09) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය වී තිබේ.

හම්බන්තොට වරාය ඉදිකිරීමට පවත්නා පොළියට වඩා ඉහළ පොළී අනුපාතිකයකින් විදේශ ණය ලබා ගැනීම නිසා වසරකට රුපියල් බිලියන 02 ක පාඩුවක් විඳීමට සිදුව ඇතැයි ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවේදී අද (09) අනාවරණ කළේය.

හිටපු ජනපතිගේ ජීවිතය අනතුරේ ඇති බව කියමින් අද සුජාත දේශයක් සදහා වූ ජනතා මාධ්‍ය මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නිමල් වීරතුංග මහතා සහ නීතිඥ සිසිර ජයකොඩි, නීතිඥ ප්‍රේමනාත් සි දොලවත්ත මහතා කොළඹ කොටුව පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

ඉන්දීය පොලිසිය සිදුකළ මෙහෙයුමකින් මාවෝවාදී සටන්කාමීන් ලෙස සැකකෙරෙන පුද්ගලයන් 12 දෙනෙකු ඝාතනයට ලක්ව තිබේ. නැගෙනහිර ඉන්දියාවේ මාවෝවාදීන්ගේ ක්‍රියා බහුලව සිදුවන ප්‍රදේශයක් වන පාලමු දිස්ත්‍රික්කයේ වනාන්තරය තුල ඇති වූ ගැටුමකින් මෙම ඝාතන සිදුව ඇත.

මෙරට අධ්‍යාපන ප්‍රතිපත්ති ජාතික හා ජාත්‍යන්තර අවශ්‍යතා පදනම් කර ගනිමින් තවදුරටත් සංවර්ධනය කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.ජනාධිපති කාර්යාලයේ දී අද (09)පෙරවරුවේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිලධාරීන් හමුවු අවස්ථාවේදි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමේ ඒකායන අරමුණින් 15 වැනි වතාවටත් විශ්වවිද්‍යාල තරග විභාගයට ඉදිරිපත්වූ 86 වියැති පුද්ගලයෙකු ගැන චීනයෙන් වාර්තා වේ.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 23 ක් අයථා පරිහරණය කළැයි සැකපිට දැනට රිමාන්ඞ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ඇප ඉල්ලා කොළඹ මහාධිකරණය වෙත සංශෝධිත ඇප අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර අැත.

ඊයේ දිනයේදී කැබිනට් මණ්ඩලයේදී සම්මත වූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කිසි සේත් එකග වීමට නොහැකි බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානය පවසයි. නායක මනෝ ගනේෂන් මහතා පෙන්වා දෙන්නේ තම පක්ෂයේ නියෝජ්‍ය නායක පී.දිගම්බරන් මහතාගේ විරෝධය ද නොතකමින් අදාළ සංශෝධනය කැබිනට් මණ්ඩලය තුළ සම්මත කර ඇති බවයි. පෙර යෝජනා කළ පරිදිම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සංඛ්‍යාව 255 දක්වා ඉහළ දැමිය යුතු බවත් ඊට ජනතාව කිසිසේත් විරුද්ධ නොවන බවත් ඒ මහතා සදහන් කර සිටී.

පොලිස් නිලධාරීන් 1400ට ආසන්න පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

Connet With Us