News Items (18842)
දකුණු පළාත් සභාවේ ඇමතිවරයෙකු වන ඩී.වී. උපුල් මහතා අපරාධ විමර්ශන ඒකකය වෙත අද(08) කැඳවා තිබේ.
2010 වසරේ සිට ලංගම සේවකයින්ගේ අර්ථ සාධක අරමුදල් බැංකුගත කිරීම මහින්ද රාජපක්ෂ අාණ්ඩුව හිතාමතාම මගහැරිය බවත් මේ දක්වා පැහැර හැරි අර්ථසාධක මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 1000 ඉක්මවා අැති බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය සදහන් කරයි.
චීනයේ පැවැත්වෙන ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ඊයේ (7 දා) පැවැති මීටර් 800 කාන්තා අවසන් තරගයේ තෙවැනි ස්‌ථානය හිමි කර ගැනීමට නිමාලි ලියනාරච්චි සමත්විය. මේ අනුව ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟාවලියේ එකම පදක්‌කම දිනා දීමට සමත් වූවාය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංගය ජය ගැනීමෙන් පසුව පිහිටුවනු ලබන අලුත් සන්ධාන ආණ්ඩුවේ අගමැතිධුරය මහජන එක්සත් පෙරමුණේ නායක දිනේශ් ගුණවර්ධන මහතාට ලබාගැනීම සඳහා කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් මහින්ද රාජපක්ෂට වඩා හිතවත් කණ්ඩායමක් විසින් දියත් කර තිබෙන බව විපක්ෂ ආරංචි මාර්ග පවසයි.
විස්ස ගැන අවසන් තීන්දුවක් ගන්න විශේෂ කැබිනට් රැස්වීමක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ යෝජිත විසිවැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡා කෙරෙන තීරණාත්මක කැබිනට් රැස්වීමක් අද (08) පස්වරුවේ කැඳවා තිබේ.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 112ක් අත්සන් තබා ඇතැයි විපක්ෂය විසින් කියන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස බංගය ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කළ නිවේදනයේ කියැවෙන්නේ '... මෙතරම් මන්ත්‍රීවරු ප්‍රමාණයක් අත්සන් තැබීම පුදුමයට කරුණක් නොවන බවය..' ඒක හැබෑය. හරිනම් තව තිස් හතලිස් දෙනෙකුවත් මීට අත්සන් තැබිය යුතුය. මන්ද එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයාට ඇති පාර්ලිමේන්තුව තුල ඇති බලය මන්ත්‍රීවරු 45ක පමණ ප්‍රමාණයක් වීමය. මන්ත්‍රීවරු හතලිස් ගනනක ආණ්ඩුවක අගමැතිවරයකුට එරෙහිව ඉතිරි එකසිය අසූවක පමණ පිරිසම අත්සන් නොකිරීම ගැටලුවකි. එම ගනන හිලවු අනුව අගමැතිවරයාව විස්වාස කරන තවත් 70ක පමණ පිරිසක් පාර්ලිමේන්තුවේ සිටී.. එයද පුදුමයට කරුණකි.
'පුදුම දොස්තර' සැත්කම් නවත්වයි- කරාපිටියේ ශල්‍ය වෛද්‍ය ඒකකය වැසී යාමේ අවදානමක
විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් පෙරේරා හද සැත්කම් නැවැත්වීම හේතුවෙන් කරාපිටිය මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකය වැසී යාමේ අවදානමක් මතු වී තිබේ. මේ වනවිට හදවත් සැත්කම් 12,000 කට වැඩි ප්‍රමාණයක් සිදු කොට තිබෙන විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ රෝගීන් විසින් හඳුන්වනු ලබන්නේ 'පුදුම දොස්තර' යන ගෞරව නාමයෙනි.ලංකාවේ පළමු වරට සිදුකල විශ්මිත සැත්කම් කිහිපයක් මේ වෛද්‍යවරයා විසින් සිදු කර තිබේ.
ඉදිරි මහ මැතිවරණයේදී මැතිවරණ කොට්ඨාෂයකට තරග නොවැදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැඩි උත්සහයක් ගනිමින් සිටින බව වාර්තාවේ. මැතිවරණ කොට්ඨාෂයකට තරග වැදීමෙන් තමන්ට දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදුවන බව රාජපක්ෂ මහතාගේ මතය වී තිබේ. තමන් ඉලක්ක කරගෙන දූෂණ වංචා අපරාධ චෝදනා සෘජුවම එල්ලවිය හැකි බවත් එහිදී ඊට තනිවම මුහුණ දීම අපහසු හා අවාසි සහගත බවත් ඔහු පෙන්ව දී ඇතැයි වාර්තාවේ.
කුමන්ත්‍රණ නොකර, හැකිනම් ඡන්දයකින් ආණ්ඩුවක් පිහිටුවන්න - රනිල්ගෙන් අභියෝගයක්
මහ මැතිවරණයකට පැමිණ ඉන් ජයග්‍රහණය කර ආණ්ඩුවක් පිහිටුවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයට ඊයේ (7) අභියෝග කළේය.
