News Items (18842)
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා කෙටුම්පත් කරතිබෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කිරීම සඳහා අද දින සවස හදිසියේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
තමාව ජුනි මස 12 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට ප්‍රකාශයක් ලබාදීම සඳහා කැඳවා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
සිය ෆේස්බුක් ගිණුමට අදහස් දක්වන මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ තමන්ව එසේ කැඳවීමට හේතුව කුමක්දැයි යන්න දැනුවත් කර නැති බවයි.
උල්පතෙන් අලූත් ගඟක් -සයිබර් අවකාශ සාහිත්‍ය සම්මාන උළෙල 2015
2014 වසරේ තම ප‍්‍රථම නවකතාව/ කෙටිකතා සංග‍්‍රහය/ කාව්‍ය සංග‍්‍රහය මුද්‍රණයෙන් පළ කළ සාහිත්‍යකරුවන් අතරින් අනාගත විශිෂ්ට සාහිත්‍යකරුවා තෝරා සම්මාන ප‍්‍රදානය කෙරෙන සාහිත්‍ය සම්මාන උළෙලක් www.tidbitlanka.com මෙහෙය වීමෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මහත්වරුනි, දැන් පිටව යාමට කාලය පැමිණ තිබේ. කරුණාකර නික්ම යන්න - ජයතිලක ද සිල්වා
ජනවාරි 8 වැනි දා ලැබුණු ජන වරම විවිධ පැතිවලින් විශේෂත්වයක් ගනී. මීට පෙර, පොදු අපේක්ෂකයෙකු හෝ සන්ධාන අපේක්ෂකයෙකු වශයෙන් ඇතැමුන් ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අවස්ථා තිබුණත්, ඒ හැම විටකම ඒ පුද්ගලයන් කුමන හෝ පක්ෂයක නායකයෙකු හෝ නායිකාවක් වුණි. එහෙත් මෛත්‍රීපාල සිරිසේන පසුගිය ජනාධිපතිවරණයේ දී තරග කෙළේ සන්ධානයකින් වුවද, ඒ අවස්ථාවේ ඔහු කිසි පක්ෂයක නායකයෙකු නොවුණු හෙයින්, එදා ඔහු පෙනී සිටියේ පොදුවේ මුළු රටේම ජනතාව වෙනුවෙනි. එපමණක් නොව, වෙනත් පක්ෂයක නායකයෙකුව අගමැති තනතුරට යෝජනා කළ පළමු අවස්ථාවත් එයයි. තවද, තමා ජයග්‍රහණය කළොත් අනිත් පක්ෂවලටත් එම අළුත් ආණ්ඩුවට එක් වන ලෙස ආරාධනා කරමියි ඔහු පොරොන්දු විය. මේ රටේ දේශපාලන ඉතිහාසය දෙස බැලීමේදී මේ සියලූ දේවල් අසාමාන්‍ය කාරණා වන්නේය.
හිටපු ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ මහතාව මෙම මස 12 වන දින අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.
තුර්කියේ පාලක පක්ෂය වන ඒ කේ පක්ෂයට වසර 13කට පසු පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිිමි වී තිබේ.
ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පසුගිය හත්වෙනිදා (07)මුතූර් සහ සාම්පූර් ප්‍රදේශවල සංචාරයක නිරත විය. එහිදී ඔහු සාම්පූර් ගල් අඟුරු බලාගාරය නිසා ගැටලුවලට මුහුණ දී සිටින ජනතාව හමුවී සාකච්ඡා කළේය.
පසුගියදා අත්අඩංගුවට ගැනුණු අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ භික්ෂුන්වහන්සේලා පස් දෙනා ඇප මත නිදහස් කර තිබේ.
විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිදුවීම සහ ඉන්පසුව එයට අැතිවූ විරෝධයත්,ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වයත් තේමා කර ගනිමින් 'විද්‍යා සහ අපි' සංවේදී සිදුවීම් වාර්තාකරණය සහ සමාජ වගකීම යන මැයෙන් විවෘත සංවාදයක් ජූනි 09 අගහරුවාදා පැවැත්වේ.
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍රා ඒකනායක මහත්මිය දිවුරුම්දී තිබේ.
