අද (08)පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ චන්ද්‍රා ඒකනායක මහත්මිය එම ධූරයේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා විදේශ ගතවීම හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම පත් කිරිම සිදුකර තිබේ.
චන්ද්‍රා එ්කනායක මහත්මිය ශේ්‍රෂ්ඨාධිකරණයේ විනිසුරුවරියක ලෙස පත්වීම් ලැබූයේ 2008 වසරේදීය. 1974 වසරේදී නීතිඥ වෘත්තීයට පිවිස ඇති ඇය 1979 වසරේදී අධිකරණ සේවයට එක් ව අැත.