සසිදරන් කියන්නේ බොරු - කනිමෝසි කරුණානිධි

Published in පුවත්
Monday, 08 June 2015 12:59

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් දේශපාලන අංශ ප්‍රධානියාව සිටි සින්නතුරේ සසීදරන් හෙවත් එළිලන්ගේ බිරිඳ වන උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිදරන් එල්ල කළ චෝදනා පදනමකින් තොර බව ඩී.එම්.කේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු තමිල්නාඩු මහ ඇමති කරුණානිධිගේ දියණියක වන කනිමෝසි කරුණානිධි සඳහන් කරයි.

ඇන්තනී සසිදරන් සඳහන් කළේ වන්නි යුද්ධයේ අවසන් දින කිහිපයේදී තම ස්වාමියා ශ්‍රි ලංකා ආරක්ෂක අංශ වෙත බාරවීමට තීරණය කළ විට ඒ සඳහා කනිමෝෂි හා කරුණානිධි මැදිහත් වූ බවයි.

එල්.ටී.ටී.ඊ.  සංවිධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් දේශපාලන අංශ ප්‍රධානියාව සිටි සින්නතුරේ සසීදරන් හෙවත් එළිලන් රජයේ හමුදා වෙත බාර වීමෙන් පසු අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ හබයාස් කෝපුස් පෙත්සමක් ඉකුත් බ්‍රහස්පතින්දා (4) මුලතිව් දිසා අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේ මේ බව අනාවරණය කෙරුණි.

මේ සඳහා ප්‍රතිචාර දක්වන කනිමෝසි සඳහන් කරන්නේ ශ්‍රී ලංකා හෝ ඉන්දීය රජයන්ගේ වගකීම බාරගෙන කිසියම් වූ කෙනෙකුට ආරක්ෂක අංශයන්ට බාරවීමට යැයි පැවැසීමට තමන්ට බලයක් නැති බවයි.

එසේම තමන් සසිදරන් කියන්නේ කවුරුන්දැයි නොදන්නා බවත්. ඔහු ඉදිරිපෙළ එල්.ටී.ටී.ඊ. නායකයෙකු වූ බවත් කනිමෝසි පවසයි.

Last modified on Monday, 08 June 2015 14:08

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us