News Items (18842)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය බලාපොරොත්තු තබාගෙන සිටින බව මහ ලේකම් බැන්කී මූන් මෛත්‍රීපාල සිරිසේන ජනපති සමග පැවැති දුරකතන සාකච්ඡාවක දී ප්‍රකාශ කර ඇත.
ලෝකයේ වේගයෙන්ම දියුණු වන සංචාරක නගර අතර පළමු ස්ථානයට ශ්‍රී ලංකාවේ අග නගරයවන කොළඹ නගරය පත්ව ඇත.
තැලසීමියා රෝගීන් සුව කිරීම සඳහා ඉතාලි රටේ විශේෂඥ වෛද්‍ය ලොරන්ස් ෆොක්නර් මහතා විසින් සොයාගෙන තිබෙන ඇට මිදුලු ස්ටෙම් සෛල බද්ධ පාරවිලයන ක්‍රමය ලංකාවට හඳුන්වාදීමට වෛද්‍ය ලොරන්ස් ෆොක්නර් මහතා කැමැත්ත පළ කළ බව ලංකා තැලසීමියා කවය සඳහන් කරයි.
ගූගල් සෙවුම් ප්‍රතිඵලයක් ලෙස ලොව දරුණුම අපරාධ කරුවන් දස දෙනා අතරට ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩිගේ නම දිස් වී ඇතැයි වාර්තා වේ.
ගෑස් හිඟයක් පවතින බවට සහ මිල ඉහළ යන බවට පැතිර යන කට කතා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව ලිට්රෝ සමාගම පවසයි. එම සමාගමේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ ලිට්රෝ සමාගමේ සභාපති ශලීල මුණසිංහ මහතා පවසන්නේ ගෑස් මිල ඉහළ යනු ඇතැයි පැතිර ගිය කටකතා හේතුවෙන් ඇතැමුන් ගෑස් තොග සැඟවීමට උත්සහ දැරීම මෙම කෘත්‍රිම හිඟයට හේතුව බවයි.
දකුණු පළාත් සභා අමාත්‍ය ඩී.වී.උපුල් ගේ විදෙස් ගමන් බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
'මගේ හදවතට එකඟව සේවය කිරීමට නොහැකි නිසා මම තනතුරෙන් ඉවත් වුණා" යැයි පාරිභෝගික අධිකාරියේ හිටපු සභාපති රූමි මර්ෂුක් මහතා ඊයේ (4 දා) ප්‍රකාශ කළේය.
පරිසරය වනසන්නන්ගේ තරාතිරම නොබලා නීතිය හමුවට ගෙනවා - ජනාධිපති
පරිසරයට එරෙහි මානව ක්‍රියාකාරකම් වළකා ස්වභාවික උරුමයන්ගේ නිරුපද්‍රිත පැවැත්ම උදෙසා ඇප කැපවීම අපගේ වගකීම යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
මිහිදු හිමියන් ශ්‍රී ලංකාවට වැඩමකර මෙරට මිනිසුන් ශීලාචාර ජාතියක් බවට පත් කළ බවත් පසුව සිදුවූ මහින්දාගමනය සමග යළි මේ රට අශීලාචාර යුගයකට ගිය බව පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කාණ්ඩයක් විසින් අන්තර්ජාලය හරහා ජනතා මනස විකෘති කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින බව රන්ජන් රාමනායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද(04) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
