මෙම දුරකතන කතාබහේ දී ශ්‍රී ලංකාවේ විවිධ ජනවාර්ගික කොටස් අතර සාමය හා සංහිඳියාව ඇති කිරීමට ජනපති ගන්නා උත්සාහය අගය කරන බව බැන් කී මුන් පවසා තිබේ.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතී ගත කිරීමට ජනපතිවරයා කැපවීමෙන් හා වගකීමෙන් දුන් ප්‍රතිඥාව ඉටු කිරීම ගැන ද මහලේකම්වරයා ජනපතිට සිය ප්‍රශංසාව පළ කර ඇත.
මෙහිදී වත්මන් ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා වන 20 වැනි සංශෝධනය නීති ගත කර ගැනීම සදහා තමා වෙහෙසෙන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති පවසා තිබේ.