තැලසීමියා වෙනුවෙන් නව ඖෂධ ක්‍රමයක්

Published in පුවත්
Friday, 05 June 2015 10:58

තැලසීමියා රෝගීන් සුව කිරීම සඳහා ඉතාලි රටේ විශේෂඥ වෛද්‍ය ලොරන්ස් ෆොක්නර් මහතා විසින් සොයාගෙන තිබෙන ඇට මිදුලු ස්ටෙම් සෛල බද්ධ පාරවිලයන ක්‍රමය ලංකාවට හඳුන්වාදීමට වෛද්‍ය ලොරන්ස් ෆොක්නර් මහතා කැමැත්ත පළ කළ බව ලංකා තැලසීමියා කවය සඳහන් කරයි.

ඒ සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් කොළඹ ළමා රෝහල තුළින් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් කැමැත්ත පල කළ අතර, ඒ අනුව මේ මස 08 වැනිදා එම ඒකකය සකස් කිරීම ආරම්භ කරන බවද එම කවයේ අනුශාසක හා මාතෘ සහ කාන්තා වෛද්‍ය විශේෂඥ කාලිංග නානායක්කාර මහතා සඳහන් කළේය.

තැලසීමියාව රුධිර ජාන වලින් පැතිරෙන නිධන්ගත රෝගයක් බවත්, සෑම දින හතරකට වරක්ම මෙම රෝගයට ලක් වූ ළදරුවෙකු මෙරට තුළ ඉපදෙන බවද ඔහු පවසා සිටියේය.

මෙලෙස ඉපදෙන දරුවෙකුට වයස මාස 05 සිට ජීවිතාන්තය දක්වා අලුත් රුධිරය එකතු කළයුතු බවත්, මීට අමතරව ශරීරයට එකතුවන යකඩ ප්‍රමාණය ඉවත් කිරීමට දිනපතා ඖෂධ ගත යුතු බවද හෙතෙම සඳහන් කළේය.

ලංකාව තුළ ජීවත් වන තැලසීමියා රෝගීන්ගේ කටයුතු වෙනුවෙන් රජය වසරකට රුපියල් මිලියන 1700 ක් වියදම් කරන බවද අනුශාසකවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

(ada)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us