ගෑස් හිගයක් හෝ ගෑස් මිල ඉහළ යාමක් නෑ - ලිට්රෝ සමාගම

Published in පුවත්
Friday, 05 June 2015 10:23

ගෑස් හිඟයක් පවතින බවට සහ මිල ඉහළ යන බවට පැතිර යන කට කතා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව ලිට්රෝ සමාගම පවසයි. එම සමාගමේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ ලිට්රෝ සමාගමේ සභාපති ශලීල මුණසිංහ මහතා පවසන්නේ ගෑස් මිල ඉහළ යනු ඇතැයි පැතිර ගිය කටකතා හේතුවෙන් ඇතැමුන් ගෑස් තොග සැඟවීමට උත්සහ දැරීම මෙම කෘත්‍රිම හිඟයට හේතුව බවයි.

එසේ නොමැතිව සැබෑ ලෙස ගෑස් හිඟයක් රට තුළ නොමැති බව අවධාරණය කළ ඒ මහතා කියා සිටියේ අද දිනයේ ද සාමාන්‍ය පරිදි ගෑස් බෙදා හැරීම සිදු කළ බවයි.

එහි දී මාධ්‍යවේදීන් ගෑස් මිල ඉහළ යන්නේදැයි විමසූ විට ඊට පිළිතුරු දුන් මුණසිංහ මහතා කියා සිටියේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගිය දා පැවැති මාධ්‍ය හමුවදී ප්‍රකාශ කළ පරිදි ම ගෑස් මිල ඉහළ නැංවීම මේ මොහොතේ සිදු නොවන බවයි.

හඬ පටයට පහතින් සවන් දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/gas-pricemp3{/soundcloud}

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us